ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Call to Donate සමාජ සත්කාර වැඩසටහනින් අපේක්ෂා රෝහලට ඖෂධ ඇතුළු පරිත්‍යග රැසක්

67

දේශයේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ප්‍රයත්නයට සමගාමීව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Call to Donate ආයතනික සමාජ වගකීම් වැඩසටහන මගින් මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ළමා වාට්ටුව සඳහා වෙන්කර තැබීමේ ඒකක (Isolation Units) දෙකක් ඉදිකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලදී.

මීට අමතරව, මෙම අවස්ථාවේ රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ට සඳහා අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කටයුතු කල අතර මේ අනුව ලංකා හොස්පිටල් ආයතනයේ සහයෝගයෙන් කඩිනමින් සපයාගනිමින් රු. මිලියන 3.7ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ ළමා වාට්ටුව වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම සියලු පහසුකම් වලින් සමන්විත වෙන්කර තැබීමේ ඒකක (Isolation Units) සහ අත්‍යාවශ්‍ය ඖෂධ අපේක්ෂා රෝහල වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා අපේක්ෂා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාරි හපුආරච්චි මිය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වැඩබලන ප්‍රධාන නිලධාරී- ජීවිත රක්ෂණ, දයාරත්න පෙරේරා මහතා, ප්‍රධාන තොරතුරු නිලධාරී ආලෝක ජයවර්ධන මහතා, නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී -අලෙවි සහ බෙදාහැරීම් -ජීවිත රක්ෂණ නාමලී ඒ. සිල්වා මිය සහ ආයතනවල කාර්යමණ්ඩල සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment