ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමට කඩුලු 4ක පරාජයක්

309

ශ්‍රී ලංකා “ඒ” සහ දකුණු අප්‍රිකා “ඒ” කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු හතරක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම ඊයේ සමත්විය.

දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඩෙවල්ඩ් බ්‍රෙවිස් නොදැවී ලකුණු 98 ක් ලබාගත් අතර බෙයර්ස් ස්වෙන්පෝල් නොදැවී ලකුණු 43 ක් ලබා ගත්හ.

ඔවුන් දෙදෙනා අතර නොබිදුණු ජයග්‍රාහී ලකුණු සම්බන්ධතාවය හත් වැනි කඩුල්ල වෙනුවෙන් 113 කි.

සංචාරක දකුණු අප්‍රිකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 155කට බිඳ වැටී තිබියදී පිටියට පිවිසි ස්වෙන්පෝල් නතර වූයේ බ්‍රෙවිස් සමග කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගොසිනි.

තරාගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 264 ක් ලබාගත් අතර සංචාරක දකුණු අප්‍රිකානුවෝ පන්දු වාර 41 යි පන්දු 1 කදී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

දිල්ශාන් මධුශ්ක සහ ලක්ශාන් සඳකැන් කඩුලු දෙක බැගින් දවා ගත් අතර දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිහරඹයේ දී ජනිත් ලියනගේ නොදැවී ලකුණු 79 ක් ලබාගත් අතර නිශාන් මදුශ්ක ලකුණු 68 ක් ද අශේන් බණ්ඩාර ලකුණු 41 ක් ද ලබාගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment