ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය

327

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර අද ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දු ඕවර 45කදී ලකුණු 166කට දැවී ගියේය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 32.1කදී කඩුලු 4ක් දැවී ලකුණු 167ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.

නිපුන් ධනංජය නොදැවී ලකුණු 65යි.

advertistmentadvertistment
advertistmentadvertistment