ශ්‍රී ලංකා ඒ වෙනස්කම් 3 ක් සමග අද ලයන්ස් හමුවට

190

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර දෙවෙනි එක් දින තරගය අද (18 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

පළමු තරගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම පහසු ජයගහණයක් හිමි කර ගත්තේය.

අද පැවැත්වීමට නියමිත තරගය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ වෙනස්කම් 3ක් සිදු කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ඒ අනුව සධීර සමරවික්‍රමගේ නායකත්වය යටතේ 15 දෙනකුගෙන් සමන්විත සංචිතයට දුනිත් වෙල්ලාලගේ සමඟින් නවක ක්‍රීඩකයන් වන අම්ෂි ද සිල්වා සහ ඉසිත විජේසුන්දර කැඳවීමට කටයුතු කර ඇත.

පළමු එක්දින තරගය සඳහා නම් කළ සංචිතයට එක්ව සිටි චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම සහ මිලාන් රත්නායක කණ්ඩායමෙන් නිදහස් කර ඇති අතර ඔවුන් තිදෙනා නවසීලන්ත සංචාරය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) රදැල්ලේදී ආරම්භ කරන විශේෂ පුහුණු සැසියට එක් වීම සඳහා කණ්ඩායමට එක් වීමට නියමිතය.

පළමු තරගයේදී චාමික කරුණාරත්න අර්ධ ශතකයක් රැස් කළ අතර, ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය. මිලාන් රත්නායකට පන්දු යැවීමේදී කඩුලු දවා ගැනීමට නොහැකි විය. දෙවැනි තරගයට එක් කළ දුනිත්, ඉසිත සහ අම්ෂි ලයන්ස් පිලට එරෙහිව පැවති සිවුදින ටෙස්ට් තරගාවලියටත් නම් කර සිටි අතර, දුනිත් එම කණ්ඩායම සමඟ පැවති තුන්දින පුහුණු තරගයට සහ පළමු සිවුදින තරගයට ක්‍රීඩා කළ අතර, ඉසිත තුන්දින පුහුණු තරගයට එක් විය. අම්ෂි එම සංචිතයට නම් කර සිටියත් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, ඔහු පසුගිය සතියේ එන්එස්එල් සිවුදින තරගාවලියේ මහනුවර පිල නියෝජනය කළේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, තරගාවලියේ පළමු තරගය කඩුලු 4කින් ජය

ගැනීමට ලයන්ස් පිල සමත් වූයේ තරග 3කින් සමන්විත තරගාවලිය ද 1-0ක් ලෙස පෙරමුණ ගනිමිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය – සධීර සමරවික්‍රම (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, ප්‍රමෝද් මධුශාන්, කවිශ්ක අංජුල, ඉසිත විජේසුන්දර, අම්ෂි ද සිල්වා, ළහිරු උදාර, නිපුන් ධනංජය, සුමින්ද ලක්ෂාන්.

advertistmentadvertistment
advertistmentadvertistment