ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන නිල ජර්සිය එළි දකී

137

2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ක්‍රිකට් ජර්සිය හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.

දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings විසින් මෙම ජර්සිය නිර්මාණය කිරීම සිදුකර ඇති අතර කටුනායක MAS Active Nirmaanaහි පැවති උත්සවයකදී ඵ් MAS Holdings හි සභාපති මහේෂ් අමලියන් සහ ඵ් MAS Active හි ප්‍රධාන විධායක නිලධාරී චෙලාන් ගුණතිලක යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා වෙත ජර්සිය භාර දීම සිදු කළේය.

ආසියානු කුසලානයේ දී කණ්ඩායම ශූරයන් බවට පත් වූ අභිමානය පිළිඹිබු වන අන්දමින් සහ කණ්ඩායමේ සිංහාභිමානය සංකේතවත් කරමින් මෙවර ශ්‍රී ලංකා ජර්සිය නිර්මාණය කර ඇති අතර, ක්‍රීඩකයාගේ නැවුම් බව සහ සුවපහසුව සඳහා දහඩිය වේගයෙන් වාෂ්ප කිරීමට හැකි සහ දැනට පවතින wicking සහ තෙතමනය කළමනාකරණ තාක්ෂණයට අමතරව සුවපහසු බව පවත්වා ගැනීම සඳහා සකස් කරන ලද සැහැල්ලු, ඉහළ අවශෝෂක හැකියාව සහිත, ඇදෙන සුළු රෙදි භාවිතා කරමින් මෙම ජර්සිය නිර්මාණය කර ඇත.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment