ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත තරගාවලියේ ක්‍රීඩකයන් සහ තරග කාලසටහන එළියට

449

ආසියානු සහ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායම් 4 ප්‍රකාශයට පත් කර තිබේ.

අගෝස්තු 09 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලියේදී රෙඩ් පිල කුසල් මෙන්ඩිස් විසින්ද, බ්ලූස් පිල චරිත් අසලංක විසින්ද, ග්‍රීන්ස් පිල දසුන් ශානක විසින්ද සහ ග්‍රේස් පිල අශාන් ප්‍රියන්ජන් විසින්ද මෙහෙයවති.

අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය තෙක් පැවැත්වෙන මෙම තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වෙනු ඇත. මූලික වටයේ තරග 6 ක් ඇතුළත් මෙම තරගාවලියේදී එක් දිනකදී තරග 2 ක් පැවැත්වෙන අතර පළමු තරගය ප.ව. 3.00 ටත් දෙවැනි තරගය ප.ව. 7.30ට ත් ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත තරගාවලියේ ක්‍රීඩකයන් සහ තරග කාලසටහන එළියට

මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් එක් වතාව බැගින් මුණගැසෙන අතර ඉන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මේ ආකාරයේම ආරාධිත විස්සයි-20 තරගාවලියක් ඉකුත් 2021 වසරේ අගෝස්තු මසදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැති අතර එහි ශූරතාව දිනා

ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. මෙවර තරගාවලියේදී දසුන් නායකත්වය දක්වනු ලබන්නේ ග්‍රීන්ස් පිලට වේ.

advertistmentadvertistment
advertistmentadvertistment