ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් හීදී ප්‍රහාර එල්ල කළ ප්‍රධාන ත්‍රස්තයෙත පොලීසිය අතින් මරුට

431

පකිස්තානයේ ක්‍රිකට් තරග සංචාරයකට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර 2009 වසරේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ ප්‍රධාන ත්‍රස්තවාදියෙක් වූ අල්කයිඩා සහ ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් පකිස්තාන් (ටීටීපී) ඛයාරා කණ්ඩායමේ සාමාජික, ඉක්බාල් හෙවත් බාලි ඛයාරා ඝාතනය කළ බව පකිස්ථාන පොලිසිය තහවුරු කළේය.

පකිස්ථානයේ ෆාටේ මුවර් අසලදී පොලිසිය සමග ඇති වූ ගැටුමක් අතර ඔහු මරා දැමූ බව පකිස්තාන පොලිස් නිලධාරීහු තහවුරු කළහ.

2009 වසරේ ලාහෝර් හිදී ශ්‍රී ක්‍රිකට් කණ්ඩායමට මෙම ප්‍රහාර එල්ල වුණු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන් හත් දෙනෙක් එහිදී ජීවිතක්ෂයට පත්වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් හීදී ප්‍රහාර එල්ල කළ ප්‍රධාන ත්‍රස්තයෙත පොලීසිය අතින් මරුට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර, තරංග පරණවිතාන, චමින්ද වාස් ඇතුළු ක්‍රීඩකයෝ හත් දෙනෙක් එම ප්‍රහාරවලින් තුවාල ලැබූහ.

අනතුරුව තරග සංචාරය අතරමග නතර කර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරළා දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කළ බස් රථයේ රියදුරා විසින් ගත් ඥානාන්විත සහ නිර්භීත හැසීරීම හේතුවෙන් ක්‍රිඩකයන්ගේ ජීවිත බේරා ගැනීමට එහිදී හැකි වූ අතර මෙම ප්‍රහාරයෙන් වසර ගණනාවක් යනතුරු ක්‍රිකට් ඇතුළු සියලුම ජත්‍යාන්තර ක්‍රීඩා පකිස්ථානය තුළ පැවැත්වීම අත්හිටුවීමට ජාත්‍යන්තරය කටයුතු කළේය.

මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ඉක්බාල් හෙවත් බාලි පකිස්තානයට අත්‍යවශ්‍ය සිටි දරුණුම ත්‍රස්තවාදියෙක් වූ අතර ඔහුව මරා දැමීම හෝ අල්ලා ගැනීම සඳහා රුපියල් මිලියන 10.5 ත්‍යාගයක් ද පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබුණේය.

ත්‍රස්තවාදී හා ඉලක්කගත ඝාතන සිද්ධි 26කට මෙම අපරාධකරු පකිස්තාන පොලිසියට අවශ්‍යව සිටියේය. එසේම ෂියා මුස්ලිම්වරුන් පැහැරගෙන යාමේ සිද්ධීන් 21ක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment