ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට

232

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා පෙරේදා (31වැනිදා) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

විස්සයි විස්ස තරග තුනකින් සහ එක් දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙක් ඇතුළත් වී සිටියහ.

විස්සයි විස්ස තරග හෙට (03 වැනිදා) මුම්බායි හීදී ආරම්භ වීමට නියමිතය.

එක් දින තරග ජනවාරි 10 දින ගුවහති, ජනවාරි 12 දින කොල්කටා සහ ජනවාරි 15 දින ත්‍රිවේන්ද්‍රම් දින පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 143 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි බලා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගියේය.
කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment