ශ්‍රී ලංකා ක්‍රිකට් තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩසටහන

88

මෙරට ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දේශීය පුහුණුකරුවන්ගේ ඉහළම මට්ටම ලෙසින් සැලකෙන තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩසටහනක් පවත්වන ලදි. ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු වැඩසටහන සමගාමීව මෙම තෙවැනි ශ්‍රේණියේ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකය විසින් වැඩි දියුණු කරමින් මෙම වැඩමුළුව පවත්වන ලදි. මෙම පුහුණුකරු පාඨමාලාව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දින 5 ක නේවාසික වැඩසටහනක් ලෙසින් පැවැති අතර ඒ සඳහා දිස්ත්‍රික්, පළාත්, සමාජ සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය ආවරණය වන පරිදි වූ පුහුණුකරුවෝ 19 දෙනකු සහභාගි වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරණ අධ්‍යාපන ඒකකයේ හේෂාන් ද මෙල් මහතාට අමතරව නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුවන් කල්පගේ, අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක් සහ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමිල ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක කෞෂල්‍ය ගජසිංහ, පරිගණක දත්ත විශ්ලේෂක ශිරන්ත නිරෝෂණ, ඉහළ කාර්යය සාධන අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගෝ යන මහත්වරු මෙම වැඩසටහනේ සෙසු උපදේශකයන් ලෙසින් කටයුතු කළහ.

සහභාගි වූ පිරිස ඡායාරූපයේ දැක්වේ.

පසු පෙළ වමේ සිට දකුණට – සුදර්ශන ජයලත්, අමිල පෙරේරා නිශාද් ලියනගේ, නිලන්ත රෑබෝබගේ, ඩී. කනකදරන්, සංජය රාජපක්ෂ, නිශාන්ත වීරසිංහ, උෂාන්ත ගුණරත්න, සුරංග විජේනායක, නිලන්ත විමලවීර, රේසා තහීර්, කාමන් මාපටුන, ඇන්ටන් කොස්තා, සසිත් බණ්ඩාර.

අසුන්ගෙන වමේ සිට දකුණට – චමින්ද තොටගමුව, චමින්ද කොඩිකාර, හර්ෂ ගමාධිකාරි, කෞෂල්‍ය ගජසිංහ, සචින්ත කුරේ, රුවන් කල්පගේ, හේෂාන් ද මෙල්, චමිල ගමගේ, ජෙහාන් මුබාරක්, ධම්මික සුදර්ශන, අමිල පින්නදූව, වසන්ත විජේසූරිය, සුජීව ගුණරත්න.

advertistmentadvertistment
advertistmentadvertistment