ශ්‍රී ලංකා ක්‍රිකට් මූඩි ගලවයි

861

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුක් කරමින් ඊයේ (20 වැනිදා) මේ බව දන්වා සිටියේය.

ටොම් මූඩි මහතා 2021 වසරේ මාර්තු 1 ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස පත් කෙරුණු අතර එතැන් පටන් වසර තුනක කාලයක් ඔහු එම ධුරයේ කටයුතු කිරීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් වසරකුත් මාස 6ක කාලයක් ගතව තිබිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සහ ටොම් මූඩි අතර ඇතිවූ එකඟතාව මත එම ගිවිසුම අවලංගු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු ක්‍රිකට් අධ්‍යක්ෂගේ වගකීම් වන අතර පුහුණු කටයුතු, දේශීය තරගාවලි, සංවර්ධන සංචිත, වයස් කාණ්ඩ සංචිත හා මධ්‍යම කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයන්ගේ අවම ශාරීරික යෝග්‍යතා මට්ටම් ආදිය අධීක්ෂණය කිරීම ටොම් මූඩි විසින් සිදු කරනු ලැබීය.

ඔස්ටේ්‍රලියානු ජාතික ටොම් මූඩි මීට පෙර 2005 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එහිදී ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමට සමත්විය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment