ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ශාන්ත මරියා විදුහලට අතහිත

229

බාලිකාවන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන යටතේ කොළඹ 03, ශාන්ත මේරී බාලිකා විදුහල වෙත ක්‍රිකට් ආම්පන්න පරිත්‍යාග කිරීම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසේන ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් එම පාසලේදී සිදුකෙරිණ.

ශාන්ත මේරී විදුහල්පතිනී ප්‍රමිලා පෙරේරා මහත්මිය සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ඉහත පියවර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සතියකට දෙවතාවක් දිස්ත්‍රික් පුහුණුකරුවකුගේ සේවය ලබාදීමටද පියවර ගනු ලැබීය. ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි බාලිකා ක්‍රීඩිකාවන් රැසක් එම පාසලේ සිටීම නිසා ඉදිරියේදී වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ, බාලිකා පාසල් තරගාවලිය නියෝජනය කරනු ඇත.

සහජ දක්ෂතාවයෙන් යුතු ඕනෑම අයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සම අවස්ථාව සලසා දීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන් මඟ වැඩසටහනේ ක්‍රිකට් ගමට සංකල්පය යටතේ, වූ කුසලතා ගවේෂණ වැඩසටහනක්ද මීට සමගාමීව සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබීය. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණිය වන අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැති අතර අදාළ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීමේ මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් සම්බන්ධීකාරක මොරිස් ඩිලා ද සිල්වා, දිස්ත්‍රික් පුහුණුකරු නිසංසල මෙන්ඩිස් සහ ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිනී ප්‍රමිලා පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment