ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ පාලනය අතට ගනිති

281

දිනය පුරා සත්කාරක බංග්ලාදේශ පන්දු යවන්නන් වෙහෙසට පත් කළ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා හය වැනි කඩුල්ලට ගොඩනැඟූ ලකුණු 199ක ලකුණු සම්බන්ධතාවය හේතුවෙන් පළමු ඉනිමේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (26 වැනිදා) හැකියාව ලැබිණි. ඒ අනුව දෙරට අතර ක්‍රියාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනය නිමාවට පත්වන විටදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සත්කාරක කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 107ක් පිටුපසින් සිටිමිනි.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 141ක් පිටුපසින් සිටිමින් ඊයේ සවස සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ පිතිකරුවන් හට දැඩි තර්ජනයක් එල්ල කළ කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු එක්ව පිළිවෙලින් මහමුදුල් හසන් (15), තමිම් ඉක්බාල් (00) සහ මොමිනුල් හක් (00) නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීය. මීට අමරතව ප්‍රවීන් ජයවික්‍රමගේ සුපිරි පන්දු රැකීමක් හමුවේ නජ්මුල් හුසේන් දුවද්දී දැවී යෑමකට ලක්විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමට සාර්ථක අඩිතාලමක් දැමූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශතක දෙකකින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව සවිමත් කළේය. ඒ අනුව චන්දිමාල් විසින් සිය ටෙස්ට් දිවියේ ජාත්‍යන්තර 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරද්දී සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්කම් දැක්වීය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ පාලනය අතට ගනිති

චන්දිමාල් හයේ පහර 1ක් සහ හතරේ පහර 11ක් සමගින් ලකුණු 124ක් ලබා සිටියදී එබඩට් හුසේන්ගේ පන්දුවකට එල්ල කළ පහරක් තමිම් ඉක්බාල් උඩපන්දුවක් ලෙසින් රැක ගැනීම හේතුවෙන් පිටියෙන් ඉවත්වී ගියේය. අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වෙගය වැඩිකිරීමට උත්සාහ කරන අයුරු දක්නට ලැබුණු අතර ඒ අවසරයෙන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 41කදී අහිමි වී ගියේය.

ද්විත්ව ශතකයක් පෙනෙන්නට තිබූ ඉනිමක් දියත් කළ ඇන්ජලෝ මැතිව්ස් අනෙක් අන්තයෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටිද්දී ඔහුගේ නම ඉදිරියේ හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමගින් ලකුණු 145ක් ලියැවී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment