ශ්‍රී ලංකා කාන්තාවෝ මාලදිවයින පරාද කරති

110

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

(මාලදිවයින ට එරෙහිව පැවති තරගයේ දී ශ්‍රී ලංකාව 25-18,25-13 සහ 26-24 ක් එලෙස එම ජයග්‍රහණය වාර්තා කළේ ය.

තරගයේ අවසන් වටයේදී පමණක් මාලදිවයින ශ්‍රී ලංකාවට ප්‍රබල සටනක් එල්ල කළද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මොහොතේ එම තරග වටයද ලකුණු 2කින් ජයග්‍රහණය කිරීමට සමත් වූහ.

තරගාවලියේ මූලික වටයේ ඊ කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව, මීට පෙර සහභාගි වූ තරග දෙකෙන්ම උස්බෙකිස්තනයට 3-0ක් ලෙස ද කසකස්තානයට 3-1 කින්ද පරාජයට පත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment