ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුපිරි ජයක්

366

පන්දු වාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය වූ , බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 7කින් පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.කේප්ටවුන් හි දී මෙරට වේලාවෙන් ඊයේ (12) රාත්‍රී 10.30ට තරගය ආරම්භ විය. කාසියේ වාසිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම දිනාගත්තේය.එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම තීරණ කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස්කළේය.ඒ අනුව, ලකුණු 127ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment