ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ වටිනාකම වැඩිවේ

356

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන තරග මුදල් වැඩිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව විස්සයි විස්ස තරගයක් සඳහා හෝ එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩිකාවකට ගෙවූ ඩොලර් 250 මුදල ඩොලර් 750 දක්වා වැඩිකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කණ්ඩායමේ සිටින සෑම අතිරේක ක්‍රීඩිකාවක් සඳහාම තරග මුදලින් සියයට 25 බැගින් ගෙවයි.

එසේම ජයග්‍රහණය කරනු ලබන සෑම තරගයක් සඳහා ම එක් එක් ක්‍රීඩිකාවකට ඩොලර් 250ක පාරිතෝෂිත දීමනාවක් හිමිවෙයි.

මෙම ගෙවීම් 2023 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment