ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අදට 72 යි

43

ශ්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වූ 72 වන සංවත්සරය 2023 මාර්තු මස 02 වන දින වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු 02 වැනිදා රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු වූ අතර ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස පත්වීමෙන් අනතුරුව 1972 මාර්තු 02 වැනිදා රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වන ලදී. ලකඹර සුරකින්නට “සුරකිමු ලකඹර” උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 72 ක් තම මෙහෙවර මව් බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටුකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි විය.

විජයග්‍රාහි මානුෂිය මෙහෙයුමේදී යුද ජයග්‍රහණ ලබා ගැනීම සඳහා නිරතුරු ගුවන් සහාය ලබා දෙමින් සතුරු ඉලක්ක විනාශ කිරීමට සක්‍රීය දායකත්වය ලබාදුන් ශ්‍රී ලාංකීය ගුවන් තලයේ නිත්‍ය ආරක්ෂකයා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලක් ගුවන් තලය සුරකිනවා සේම මාතෘභූමියට සිදු වූ ස්වභාවික විපත්වලදී ද ජනතාව

මුදාගැනීමේ මෙහෙයුම් හා සුබසාධන කටයුතු ඉටුකිරීම සඳහා ද සුවිශේෂි දායකත්වයක් දක්වමින් මානුෂිය මෙන්ම නව තාක්ෂණ දැනුම හා වෘත්තිමය පරිණත භාවය මෙන්ම විනය ගරුක බවින් ද පරිපූර්ණව අභිමානවත් හමුදාවක් ලෙස තම කාර්යයන් නිසි ලෙස ඉටු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment