ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දෙවැනි කාර්තුවේ මූල්‍ය පතිඵල නිවේදනයි

264
ජානක ආර්. අබේසිංහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකා ටෙලිකොම්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දෙවැනි කාර්තුවේදී, 2022 අදාළ කාලසීමාවට සාපේක්ෂව 2.4% ක (රු. මිලියන 400) ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති නමුත් Mobitel සමාගම 9.3% ක (රු. මිලියන 1,066) අව-වර්ධනයක් වාර්තා කර තිබේ.

මෙම හේතුව නිසා සමූහයේ ආදායම, 2022 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2023 දෙවැනි කාර්තුවේදී 2.8% (රු. මිලියන 763) කින් පසුබෑමකට ලක්ව ඇත.Broadband” IPTV සහ Enterprise යන අංශ සම්බන්ධයෙන් ගත්විට SLT සමූහයේ ආදායම වර්ධනයක් ඇති නමුත් 2023 වසරේ දෙවැනි කාර්තුවේදී International Transit ආදායම 90.3% (රු. මිලියන 614) කින් පහළ යාම නිසා එම වර්ධනය මන්දගාමී විය. කෙසේ නමුත් මෙම International Transit ආදායම යනු බොහෝ දුරට කිසිදු ආන්තිකයක් නොමැති ආදායමක් බවද මෙහිදී සඳහන් කළ යුතු ය. ෆයිබර් ජාලය තුළින් අපේක්ෂිත ආදායම් ලැබීම ප්‍රමාද වීම සහ පාරිභෝගික හැරයාම, SLT සමූහයේ ආදායමේ වර්ධනයට ප්‍රධානතම බාධාවක් බවට පත් වී තිබේ. පාරිභෝගික පදනම සැලකිය යුතු මට්ටමකින් පහළ යාම, Mobitel හි ආදායමේ අව-වර්ධනයට හේතු වී ඇත. Mobitel සමාගමේ පාරිභෝගික පදනම 2022 ජූනි මස සිට 2023 ජූනි මස දක්වා කාලය තුළ මිලියන 1 කින් අඩු වී ඇත.

පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 2023 වසරේ දෙවැනි කාර්තුව තුළ සමූහයේ මෙහෙයුම් වියදම් 15.1% (රු. මිලියන 2,513) කින් ඉහළ ගොස් ඇත. පසුගිය වසරට සාපේක්ෂව Mobitel සමාගමේ ආදායම පහළ ගොස් තිබුණද, ප්‍රධාන වශයෙන් විකුණුම් සම්බන්ධ කොමිස් හේතුවෙන් එහි මෙහෙයුම් වියදම 30.4% (රු. මිලියන 1,998) කින් ඉහළ ගොස් තිබේ. වාර්ෂික නඩත්තු පිරිවැය (AMC) සහ බලපත්‍ර ගාස්තු රුපියල අවප්‍රමාණයවීම නිසා වැඩි වීම, විදුලි ගාස්තු ඉහළ යාම සහ ඉන්ධන වියදම් ඉහළ යාම වැනි සාධක හේතුවෙන් SLT සමූහයේ මෙහෙයුම් වියදම් 5.5% (රු. මිලියන 619) කින් ඉහළ ගොස් ඇත.

Mobitel සමාගමේ පොලී, බදු හා ක්ෂයවීම්වලට පෙර මෙහෙයුම් ඉපැයුම් ආදායම 61.9% (රු. මිලියන 3,064) කින් පහළ යාම හේතුවෙන් සමූහයේ පොළී,බදු හා ක්ෂයවීම්වලට පෙර මෙහෙයුම් ඉපැයුම් ආදායම 31.9% (රු. මිලියන 3,276) කින් පහළ ගොස් තිබේ. මීට සමගාමීව සමූහයේ මෙහෙයුම් ලාභය, බදු-පෙර ලාභය සහ බදු-පසු ලාභය පිළිවෙළින් 92.7% (රු. මිලියන 3,121) කින්, 161.3% (රු. මිලියන 6,039) සහ 208.0% (රු. මිලියන 4,076) කින් පහළ ගොස් ඇත. ආදායම පහළ යාම සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හේතුවෙන් Mobitel සමාගම රු. මිලියන 835 ක මෙහෙයුම් අලාභයක් වාර්තාකර ඇති අතර, කාර්තුව අවසානයේදී එහි ශුද්ධ අලාභය රු. මිලියන 1,390 ක් විය. වියදම් ඉහළ යාම සහ LTE වත්කම් හි වටිනාකම් හායනය හේතුවෙන් කාර්තුව සඳහා SLT සමූහය වාර්තා කර ඇති ශුද්ධ අලාභය රු. මිලියන 1,027 කි. SLT සමූහයේ මෙහෙයුම් වියදම්වලින් 36.8% ක් එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් දරන ලද වියදම් ය.

2023 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ SLT සමූහයේ ආදායමේ වර්ධනයක් පෙන්නුම් නොකළ අතර, රු. මිලියන 52.7 කින් ආදායම පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව පහළ ගිය අතර, එය 0.4% ක අව වර්ධනයකි. සමාගම් මට්ටමින් SLT හි ආදායම 2023 වසරේ ප්‍රථම අර්ධයේදී 6.4% කින් වර්ධනය වී රු. බිලියන 34.6 ක් ලෙස වාර්තා වී තිබේ.

2023 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ Mobitel හි ආදායම පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව රු. බිලියන 2.2 කින් පහළ ගොස් ඇත. එම කාලසීමාව සඳහා සමාගම වාර්තාකර ඇති අලාභය රු. බිලියන 1.5 කි. කෙසේ නමුත්, මෑතකදී කළමනාකාරීත්වයේ සිදු වූ වෙනස්කම් සමඟින්, පාරිභෝගික පදනමේ හා ආදායමේ සිදු වූ පසුබෑම් පාලනය කරගැනීමට Mobitel සමත් වී ඇත.

මෙම මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ජානක ආර්. අබේසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය. “ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලවලින් මිදීමට දීර්ඝ කාලයක් ගතවීම, Mobitel පාරිභෝගික පදනම පහළ යාම, ඵලදායීතාව අඩු වීම සහ ෆයිබර් ජාලය තුළින් ආදායම් ලැබීම ප්‍රමාද වීම වැනි සාධක, සමූහයේ ආදායමට අහිතකර ලෙස බලපා තිබෙනවා. රජය සිදු කරමින් සිටින සාර්ව ආර්ථික වෙනස්කම් රටේ ආර්ථික පුනර්ජීවනයට දීර්ඝකාලීනව යහපත් ලෙස බලපෑමට ඉඩ ඇති නමුත්, ආරම්භයේදී එමඟින් ව්‍යාපාරවල වර්ධනයට සහ අපගේ පාරිභෝගිකයන්ගේ වැය කළ හැකි ආදායමට බලපෑම් එල්ල විය. විනිමය අනුපාත ඉහළ පහළ යාම සහ උද්ධමන තත්ත්වය වැනි සාධක නිසා වැඩි වෙමින් පවතින මෙහෙයුම් වියදම් පාලනය කරගැනීම විශාල අභියෝගයකි. මෙම තත්ත්වය තුළ මිලකරණය අතිශය වැදගත් සාධකයක් වුවත්, නිසි මිල නියම කිරීම බරපතළ අභියෝගයක් බවට පත් වී තිබෙනවා. මෙමඟින් අපගේ ආදායම් උත්පාදනයට සහ ඉහළ පෙළ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති වේවි. තවද මෙම පසුබිම හමුවේ Mobitel සමාගම මුහුණ දී තිබෙන තත්ත්වය වහාම ආමන්ත්‍රණය කළ යුතු සාධකයක් බවට පත්ව ඇත. මෑත කාලීනව බැංකු ණය පොලී අනුපාත ඉහළ මට්ටමක පැවති නිසා ආන්තික අවම වී ඇති අතර, මූල්‍ය පහසුකම් සපයා

ගැනීම දැඩි ලෙස දුෂ්කර වී තිබෙනවා. කෙසේ නමුත් මෑත කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ යහපත් වෙනස්කම් හේතුවෙන්, ණය පොලී අනුපාතය පහළ යාවී යැයි අප විශ්වාස කරනවා. වර්තමානයේ පවතින ආර්ථික අවිනිශ්චිතතාවන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අඛණ්ඩව ඉදිරියට යාම අපගේ බලාපොරොත්තුවයි. නවෝත්පාදන විසඳුම් සමඟින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් පිරිනැමීමට අප තුළ ඇති කැපවීම කිසිසේත්ම වෙනස් වන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment