ශ්‍රී ලංකා  ටෙස්ට් කණ්ඩායම බංග්ලාදේශයට පිටත්ව යයි

193

බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.

 අයි. සී. සී. ලෝක ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රියාත්මක වෙන මෙම ටෙස්ට් තරගාවලිය තරග 2කින් සමන්විත වේ. ඒ අනුව දෙරට අතර පළමු තරගය ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය ලබන 23 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා  ටෙස්ට් කණ්ඩායම බංග්ලාදේශයට පිටත්ව යයි

දෙරට අතර තරගාවලියට පෙරාතුව ලබන 11 වැනිදා සහ 12 වැනිදා දෙදින පුහුණු තරගයක් පැවැත්වීමටද නියමිතව තිබේ.

 ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.

advertistmentadvertistment
advertistmentadvertistment