ශ්‍රී ලංකා තරගයට වැස්ස හරහට

99

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද ඇමෙරිකාවේ ලුඩර්හිල් හිදී පැවැත්වීමට නියමිත තරගය වර්ෂාව නිසා මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී ඇත.D කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය තරගාවලියේ 23 වැනි තරගයයි.ශ්‍රී ලංකාව මෙතෙක් පැවති තරග දෙකේදීම පරාජයට පත්විය.ඒ දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයටය.තරගය එරට වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතව තිබුණි.තරගය රාත්‍රී 10.47ට ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර එය එක් කණ්ඩායමකට පන්දු වාර 05 බැගින් වූ තරගයක් ලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment