ශ‍්‍රී ලංකා නායකයා යෝර්ක්ෂයර් ප‍්‍රාන්තයට….

581

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මෙවර එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේ දී යෝර්ක්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමට ගිවිසුම් ගත වී තිබේ.

 ඒ සඳහා ක‍්‍රීඩා කිරීම වෙනුවෙන් ලබන 10 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත දිමුත් ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක‍්‍රීඩා කීරීම නිමිත්තෙන් ප‍්‍රාන්ත තරගාවලිය අතරතුරදී නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ නියමිතව සිටී.

 දිමුත් කරුණාරත්න එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීම සඳහා තෝරා ගනු ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේදී ඔහු නොටින්හැම්ෂයර් ප‍්‍රාන්තය වෙනුවෙන් ක‍්‍රීඩා කළේය.

 තරගාවලියට අදාළව දිමුත් ගිවිසුම් අත්සන් කිරීම ඊයේ සිදු වූ බවට වාර්තා වන අතර එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ද යෝර්ක්ෂයර් ප‍්‍රාන්තය වෙනුවෙන් ක‍්‍රීඩා කරයි.

 පසුගියදා ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමු දුන් වේගපන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් ද මෙවර එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීමට නියමිත අතර ඔහු ඩාර්බිෂයර් ප‍්‍රාන්තය වෙනුවෙන් ක‍්‍රීඩා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment