ශ්‍රී ලංකා නැගී එන කණ්ඩයම  අද කෙන්ට් පිලට එරෙහිව තරග බිමට  

197

එංගලන්තයේ තරග සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩයම, අද (6 වැනිදා) සිට 9 වැනිදා දක්වා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව කැන්ටබරි ප්‍රාන්තයේ ශාන්ත ලෝරන්ස්හි ස්පිට්ෆයර් ක්‍රීඩාංගණයේදී පළමු සිවුදින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ හිටපු නායක නිපුන් ධනංජය, මෙම තරගාවලියේ සිවුදින තරගවලදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම මෙහෙයවනු ඇත. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අෂේන් බණ්ඩාර සහ ධනංජය ලක්ෂාන්ද මෙම නැඟී එන කණ්ඩයමට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුවන් කල්පගේ මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතාද, පිතිහරඹ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන මහතාද, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස දර්ශන ගමගේ මහතා ද සංචාරයට එක්ව සිටිති.

මෙම තරගයට පෙර ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පුහුණු සැසි දෙකකට සහභාගී වූ අතර ඊයේ (5 වැනිදා) දිනයේදී කෙන්ට් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත විය.

advertistmentadvertistment
advertistmentadvertistment