ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මැයි මසදී එංගලන්තයට

289

සිව්දින තරග 3 කට සහ පන්දු වාර විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම මැයි මසදී එංගලන්තය බලා පිටත්ව යනු ඇත. මැයි මස පළමුවැනිදා එංගලන්තයට යෑමට නියමිත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමුව තරග 3 කින් සමන්විත සිව්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

 මැයි මස 06 වැනිදා කැන්ටබරිහි පැවැත්වෙන පළමු සිව්දින තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර එම සිව්දින තරග 3 මැයි මස 20 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. නැගීඑන මට්ටමේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමින් අත්දැකීම් වඩ වඩාත් ලබාදීම අරමුණු කොට පවත්වනු ලබන මෙම තරග සංචාරයේ දෙවැනි කොටස වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය මැයි මස 25 වැනිදා ආරම්භ වේ. සෙසු තරග මැයි මස 27 වැනිදා සහ මැයි මස 29 වැනිදා පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment