ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් පිළ එංගලන්තයට පිටත්ව යයි

320

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ සිව්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ (01 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.

 දෙරට අතර ක්‍රියාත්මක වන පළමු සිව්දින තරගය ලබන 6 වැනිදා සිට සහ දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය ලබන 13දා සහ තෙවැති තරගය ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

 විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීම ධනංජය ලක්ෂාන් සතුවන අතර සිව්දින තරගාවලිය මෙහෙවීම නිපුන ධනංජය සතුවේ.

 ශ්‍රී ලංකා නැගී එන සංචිතය – නිපුන් ධනංජය, ධනංජය ලක්ෂාන්, ලසිත් කෲසපුල්ලේ, නිශාන් මදුසංක, නවනිදු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, අවිශ්ක තරිඳු, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, සන්තුෂ් ගුණතිලක, යසිරු රුද්‍රිගෝ, අම්ෂි ද සිල්වා, නිපුන් මාලිංග, උදිත් මදුෂාන්, නිපුන් රන්සික, දිලුම් සුදීර, අෂේන් ඩැනියෙල්, මනෙල්ක ද සිල්වා.

advertistmentadvertistment
advertistmentadvertistment