ශ්‍රී ලංකා පකිස්තාන් ටෙස්ට් සටන අද ආරම්භ වේ

143

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16 වැනිදා) පෙ.ව. 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 55 ක් පවත්වා ඇති අතර ඉන් තරග 20 ක් පකිස්තානයත්, තරග 16 ක් ශ්‍රී ලංකාවත් ජයග්‍රහණය කර ඇත. තරග 19 ක් විසඳුමකින් තොරව නිමා වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම නායක දිමුත් කරුණාරත්න විසින් ද පකිස්තාන කණ්ඩායම බාබර් අසාම් විසින් ද මෙහෙයවනු ලබති.

අද තරගය සඳහා ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, මහීෂ් තීක්ෂණ. කසුන් රාජිත

පකිස්තාන කණ්ඩයම

ඉමාම් උල් හක්, අබ්දුල්ලා ශාෆීක්, අසාර් අලි, බාබර් අසාම්, නවාඩ් අලාම්, මොහමඩ් රිස්වාන්, ෆහීම් අස්රෆ්, යසීර් ෂා, ශහීන් ෂා අෆ්රිඩි, නසීම් ෂා, නමාන් අලි

advertistmentadvertistment
advertistmentadvertistment