ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කායවර්ධන  තරගාවලියේ මූලික තරග 28 ඇරැඹේ

124

306 – සී – 2 දිස්ත්‍රික්කයේ ඒකාබද්ධව පවත්වන

‘වෙනසක්  කරමු’  – මෙවර තේමාවයි

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කායවර්ධන ශාරීරික යෝග්‍යතා සංස්කෘතික සංගමය සහ 306 සී-2 දිස්ත්‍රික්කයේ සිංහ සමාජය ඒකාබද්ධව සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කායවර්ධන තරගාවලිය මෙම මස 28 වැනිදා කොළඹදී පැවැත්වේ.

කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශයේ තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික තරග 28 වැනිදා උදේ 9.00 ට කොළඹ 7 සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී ශාලාවේ) දීද, එහි අවසාන මහා තරගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය එදිනම සවස 4.00 ට කොළඹ සෞන්දර්ය නිකේතනයේදී පැවැත් වේ.

මෙම තරගාවලිය සඳහා උඩහමුල්ල සිංහ සමාජය හා පෙර සිංහාධිපති නිමල් බුලත්සිංහල මහතාගේ දායකත්වයෙන් පවත්වනු ලබන අතර “වෙනසක් කරමු” තේමාව යටතේ මෙම තරගාවලිය සංවිධානය කෙරේ.

සිංහ දිස්ත්‍රික්කයේ තරුණ ජවය, ශක්තිය දිරිගැන්වීමට සහ ප්‍රතිරූපය ගොඩනැගීමද මෙහි අරමුණ වේ. විවෘත තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සහභාගි විය හැකිය.

තරග ජයග්‍රාහකයන්ට කුසලාන සහ වටිනා සහතික පත් පිරිනැමීමට නියමිතය.

ත්‍යාග සහතිකපත් ප්‍රදානය කරන අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 306 සී 2 දිස්ත්‍රික් සිංහ සමාජයේ සිංහාධිපති සිංහ බැනට් ගම්ලත් මහතා සහභාගි වීමට නියමිතය. තරගාවලිය ගැන වැඩිදුර විස්තර ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කායවර්ධන ශාරීරික යෝග්‍යතා සංස්කෘතික සංගමයේ සභාපති මාස්ටර් තිලක් ජයවීර මහතාගේ 076 – 6530175 අංකයට අමතා දැනගත හැකිය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment