ශ්‍රී ලංකා පාපන්දු නව සභාපති

411

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ශ්‍රී රංගා මහතා තේරී පත් වුණි.ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (14) දහවල් පැවැත්වුණි.හිටපු සභාපති ජස්වර් උමාර්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත්වී තිබීම නිසා නිල වර්ණ කමිටුව මගින් උමාර් මහතාව ඉවත් කළ අතර ඔහුගේ පාර්ශවයෙන් තරග වැදුණේ ජගත් රෝහණ මහතාය.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පාපන්දු ලීග 56ක් ඡන්දය භාවිත කිරීමට නියමිතව තිබුණි.එහිදි මනාප 27ක් ලබාගත් ශ්‍රී රංගා මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත්වුණි.ජගත් රෝහණ මහතා ලබාගත්තේ මනාප 24ක් පමණය

advertistmentadvertistment
advertistmentadvertistment