ශ‍්‍රී ලංකා පාසල් හොකී සංගමයේ  නව නිල මඬුල්ල පත් කෙරේ

230

අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ‍්‍රවණාගාරයේදී පැවති ශ‍්‍රී ලංකා පාසල් හොකී සංගම් වාර්ෂික සභා වාරය සහිත නිලවරණයේ දී එහි සභාපති ධුරයට මහනුවර මහාමායා බාලිකා විදුහල්පතිනි ශෂිකලා සමිතාංගනී සේනාධීර මහත්මිය නිතරගයෙන්ම පත් කෙරුණි.

 ශෂිකලා සමිතාංගනී සේනාධීර මහත්මිය ශ‍්‍රී ලංකා පාසල් හොකී සංගමයේ සභාපතිත්වයට පත් වුණු පළමු අවස්ථාව ද මෙයයි.

 මෙවර ලේකම් ධුරයට මාතලේ විජය විද්‍යාලයේ එච්. එම්. ඒ. එච්. බණ්ඩාර මහතා පත් කෙරුණු අතර

 භාණ්ඩාගාරික ධුරය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ පාලිත වාසලගේ මහතාට හිමි විය.

 අධ්‍යාපන අධ්‍යක්ෂ (ක‍්‍රීඩා, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන) දයා බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් යුතුව මෙවර මහා සභා රැුස්වීම හා නිලවරණය පැවැත්විණි.

 නව නිල මඬුල්ල 2022 – 2023

 සභාපති – ශෂිකලා සමිතාංගනී සේනාධීර මිය (විදුහල්පති – මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය)

 නියෝජ්‍ය සභාපති – චන්ද්‍රකාන්ති කරුණානායක මිය (විදුහල්පති – මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය)

 සම උප සභාපති:

 ඩබ්ලිව්. වසන්ත කුමාර මහතා (විදුහල්පති – මහරගම ජනාධිපති විද්‍යාලය), බී. ඞී. ආර්. අයි. පෙරේරා මහතා (විදුහල්පති – දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලය), ඉන්ද්‍රවංශ හේරත් මහතා (සහකාර (විදුහල්පති – මාතලේ හින්දු ජාතික පාසල), ඞී. ඞී. රත්නායක මහතා (සහකාර විදුහල්පති – ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය)

 ලේකම් – එච්. එම්. ඒ. එච්. බණ්ඩාර මහතා (මාතලේ විජය විද්‍යාලය)

 උප ලේකම් – පද්මා නවරත්න මිය (මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලය)

 භාණ්ඩාගාරික – පාලිත වාසලගේ මහතා (මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය)

 උප භාණ්ඩාගාරික – තිළිණා ගුණවර්ධන මිය ( බදුල්ල විහාර මහා දේවී බාලිකා විද්‍යාලය)

 තාක්ෂණික නිලධාරී – ආර්. මුනියන්ඩි මහතා (මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය).

 භාෂා පරිවර්තක – ඒ. එච්. එම්. හනෆී මහතා මාතලේ සහිරා විද්‍යාලය)

 සභාපති – තරග කමිටුව

 දුමින්ද පෙරේරා මහතා (මාතලේ ක‍්‍රිස්තුදේව විද්‍යාලය)

 සභාපති – විනිසුරු කමිටුව

 ඉන්දික ජයවර්ධන මහතා (මාතලේ ශ‍්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය)

 සභාපති – පුහුණු කමිටුව

 තුසිත කුමාර වික‍්‍රමරත්න මහතා (මා/උකුවෙල ඇල්වල මහ විදුහල)

 සභාපති – තෝරා ගැනීමේ කමිටුව

 සුමිත් දිසානායක මහතා ( මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය)

 ක‍්‍රියාකාරී කමිටුව

 එස්. සුගත් ජයසිරි මහතා, අතුල රණවීර මහතා, ඉවෝන් නිලක්ෂ්මී ඩාලිං මිය, ටී. එන්. කේ. රත්නායක මිය, නිලූ විජේකෝන් මිය, පී. ඒ. ජී. සේරසිංහ මිය, එච්. එම්. එස්. නෙරුංජය මහතා සහ සේනානි රත්නායක මිය.

advertistmentadvertistment
advertistmentadvertistment