ශ්‍රී ලංකා පැරණි කාර් රථ රැලිය 17දා සිට

357

ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, යුනයිටඩ් කින්ඩම්, යුරෝපය හා ස්කොට්ලන්තය යන රටවල්වලින් තාවකාලිකව ආනයනය කළ විවිධාකාර පැරණි කාර් රථ 17 කින් සමන්විත පැරණි කාර් රථ රැලිය Authencities (Pvt) Ltd ආයතනය විසින් සංවිධානය කළ රැලිය මේ මස 17 දින සිට 30 දක්වා පැවැත්වේ.

මෙම පැරණි කාර් රථ ආනයන කිරීම සඳහා ලංකා ඔටෝමොබයිල් ආයතනය විසින් Carnet de Passage බලපත්‍රය ලබාදුන් අතර මෙම බලපත්‍රය මගින් ශ්‍රී ලංකාවේ රිය පැදවීම සඳහා අනුමැතිය ලබාදේ. මෙම රැලියේ සමාරම්භක උත්සවය වයික්කාලේ WATERS හිදී සිදු විය.

ශ්‍රී ලංකා පැරණි කාර් රථ රැලිය 17දා සිට

ලංකා ඔටෝමොබයිල් සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි මහතා සහ ඉංජිනේරු චිත්‍රලාල් ලියනසූරිය මහත්වරුන් විසින් පැරණි කාර් රැලියේ ආරම්භක කොඩිය එසවූ අතර මෙම රැලිය අනුරාධපුර, ත්‍රීකුණාමලය, පොලොන්නරුව, සීගිරිය, නුවර, නුවරඑළිය, වැල්ලවාය සහ ගාල්ලට ගොස් නැවත කොළඹ බලා පැමිණේ. මෙම රැලිය කි. මී. 1700 පමණ ධාවනය වන අතර මෙහි ප්‍රධාන අරමුණ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාවට ලබා ගැනීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment