ශ්‍රී ලංකා බංග්ලාදේශ සටන අද උදෑසන

82

මෙවර පන්දු වාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (08 වැනිදා) උදෑසන 6.00ට ආරම්භ වීමට නියමිතය.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී මේ තරගය පැවැත්වේ.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ මූලික වටයේදී එක්වන දෙවැනි තරගය මෙය වන අතර, බංග්ලාදේශය මේ තරගයෙන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරයි.

බංග්ලාදේශ පිල තරග බිමට පිවිසෙන්නේ අවසන් වරට කෝඩුකාර ඇමෙරිකාවට එරෙහිව පැවති තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස පරාජය වීමෙන් පසුවය. එම නිසා ඔවුන් ද මේ තරගයෙන් ලෝක කුසලාන තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත.

මේ වන විට දෙරට අතර විස්සයි20 තරග 16ක් පවත්වා ඇති අතර, ඉන් තරග 11ක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. බංග්ලාදේශය තරග 5ක් ජයගෙන ඇති අතර, අවසන් වරට දෙපිල හමුවූ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව 2-1ක ජයක් වාර්තා කළේය.

බංග්ලාදේශය – නජ්මුල් හොසේන් ෂන්තෝ (නායක), ටස්කින් අහ්මඩ්, ලිටන් දාස්, සෞම්‍ය සර්කාර්, ටන්සිඩ් හසන්, ටමීම් ඉක්බාල්, ෂකිබ් අල් හසන්, තව්හිද් හිරිදෝයි, මහ්මදුල්ලා රියාද්, ජේකර් අලිඅනික්, ටන්වීර් ඉස්ලාම්, ෂක්මෙහෙදි හසන්, රිෂාඩ් හුසේන්, මුස්ටාෆිසූර් රෙහෙමාන්, ෂොරිෆුල් ඉස්ලාම්, ටන්සිම් හසන් ෂකිබ්.

ශ්‍රී ලංකාව – වනිඳු හසරංග (නායක), චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුෂංක.

advertistmentadvertistment
advertistmentadvertistment