ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ ක‍්‍රීඩකයෝ සිංගප්පූරුවේදී තවත් පදක්කම් 5ක් දිනති – රන් 3ක් සහ රිදී 2ක් එ් අතර

144

‘2022 – බර්මින්හෑම් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල’ට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ ඇතිව සිංගප්පූරුවට ගිය ශ‍්‍රී ලංකා ජාතික බර ඉසිලීමේ කණ්ඩායමේ ඉන්දික චතුරංග දිසානායක, චතුරංග ලක්මාල් ජයසූරිය සහ උෂාන් චාරුක තවත් රන් පදක්කම් 03 ක් දිනා ගන්නා අතර වාරයේ රිදී පදක්කම් 02 ක් හිමි කර ගැනීමට ඇන්ටන් සුදේශ් පීරිස් සහ මනෝජ් මධුවන්ත විජේසිංහ සමත් වූහ.

ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ ක‍්‍රීඩකයෝ සිංගප්පූරුවේදී තවත් පදක්කම් 5ක් දිනති - රන් 3ක් සහ රිදී 2ක් එ් අතර

ඉන්දික චතුරංග දිසානායක කිලෝ ග‍්‍රෑම් 67 ට අඩු බර පන්තියේ ද චතුරංග ලක්මාල් ජයසූරිය කිලෝ ග‍්‍රෑම් 67 ට අඩු බර පන්තියේ ද උෂාන් චාරුක කිලෝ ග‍්‍රෑම් 109 ට වැඩි බර පන්තියේ ද රන් පදක්කම් දිනා ගනිමින් කැපී පෙණුනි.

ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ ක‍්‍රීඩකයෝ සිංගප්පූරුවේදී තවත් පදක්කම් 5ක් දිනති - රන් 3ක් සහ රිදී 2ක් එ් අතර

ඉන්දික දිසානායක ස්නැච් ක‍්‍රමයට කි. ග‍්‍රෑ. 128 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි. ග‍්‍රෑ. 150 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 278 ක බර එකතුවක් සටහන් කර ගත් අතර ස්නැච් ක‍්‍රමයට කි. ග‍්‍රෑ. 118 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි. ග‍්‍රෑ. 150 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 268 ක බර එකතුවක් සටහන් කර ගැනීමට චතුරංග ලක්මාල්ට හැකි විය.

උෂාන් චාරුක ස්නැච් ක‍්‍රමයට කි. ග‍්‍රෑ. 150 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි. ග‍්‍රෑ. 180 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 330 ක බර එකතුවක් සාර්ථකව ඉසිලීය.

රිදී පදක්කම තහවුරු කර ගත් සුදේශ් පීරිස් ස්නැච් ක‍්‍රමයට කි. ග‍්‍රෑ. 118 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි. ග‍්‍රෑ. 151 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 269 ක් ද මනෝජ් මධුවන්ත විජේසිංහ ස්නැච් ක‍්‍රමයට කි. ග‍්‍රෑ. 110 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි. ග‍්‍රෑ. 135 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 245 ක් ද උසුලමින් කැපී පෙණුනි.

මෙම තරගාවලියේ පළමු දිනයේදී රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ‍්‍රීමාලී සමරකෝන් සමත් වූ අතර ඩිලංක ඉසුරු කුමාර ලෝකඩ පදක්කමක් තහවුරු කර ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment