ශ්‍රී ලංකා – බි්‍රතාන්‍ය 75 වසරක සබඳතා සමරා ලන්ඩනයේදී උපාය මාර්ගික සංවාදයක්

36

ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීම සමරමින් දෙරට අතර උපාය මාර්ගික සංවාදයක් අද (18 දා) ලන්ඩනයේදී පැවැත්වෙන බව විදේශ අමාත්‍යාංශය ඊයේ (17 දා) නිවේදනය කළේය.

ලන්ඩනයේ විදේශ පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ පැවැත්වෙන මෙම සංවාදයට එහි නිත්‍ය උප ලේකම් ශ්‍රීමත් පිලිප් බාර්ටන් හා එක්සත් රාජධානි රාජ්‍ය ඇමැතිනි ඈන් මාරි ටේ්‍රව්ලියන් මහත්මිය ද මෙරට විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ද එක්වනු ඇත.

ඊට සමගාමීව පොදුරාජ්‍ය මණ්ඩලයේ සහකාර මහ ලේකම් මහාචාර්ය ලුයිස් ජී ෆ්‍රැන්චෙස්කි සමග ද මෙරට විදේශ ලේකම්වරිය ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment