ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාස් වෙතින් සහයෝගය

131

මෙම වසරේ සිට 2024 පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල ඇඳුම් සහකරු ලෙස කටයුතු කිරීමට මාස් හෝල්ඩින්ස් හි අනුබද්ධිත සමාගමක් වන මාස් බොඩිලයින් ආයතනය පසුගියදා නිල වශයෙන් ගිවිසුම් ගත වුණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් මූලස්ථානයේ පෙරේදා (28 වැනිදා) පැවති උත්සවයකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ මාස් හෝල්ඩින්ස් ආයතනය ඊට අදාළ ගිවිසුම් අත්සන් කළ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා මේධානි ජයමාන්න හට සංකේතාත්මකව එම අනුග්‍රහය දැක්වූ අයුරු ඡායාරූපයේ වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, බොඩිලයින් ආයතනයේ අධ්‍යක්ෂ අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන දිල්ෂාන් මොහොමඩ්, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ඡායාරූපය – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment