ශ‍්‍රී ලංකා මාතා මා ප‍්‍රියාදර ජය භූමි එදා තම මධුර හඩින් ගැයූ භාරත මහා ගීත – කෝකිලාවිය පූර්ණ රාජ්‍ය ගෞරව මැද ජීවන ගීතය නිමා කරයි

642

* අවමගුල් උළෙලට ඉන්දියානු අගමැති මෝදිත් එක්වෙයි

* ඉන්දියාවට දින දෙකක ශෝක කාලයක්


භාරත ගීත කෝකිලාවිය ලෙස විරුදාවලි ලබා සිටි අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය ඉන්දියාවේ ශීවාජි ක‍්‍රීඩාංගණයේදී විශාල ජනකායකගේ සෝ සුසුම් මැද ඉන්දීය රජයේ පූර්ණ රාජ්‍ය ගෞරවය මැද සිය ජීවන ගීතය නිමා කළාය.

ශ‍්‍රී ලංකා මාතා මා ප‍්‍රියාදර ජය භූමි එදා තම මධුර හඩින් ගැයූ භාරත මහා ගීත - කෝකිලාවිය පූර්ණ රාජ්‍ය ගෞරව මැද ජීවන ගීතය නිමා කරයි

ඊයේ (06 දා) පෙරවරුවේ ඉන්දියාවේ මුම්බායි නුවර පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගිය බව එරට මාධ්‍ය කියයි. කොරෝනා වෛරසය ආසාදිතව ඇය රෝහල්ගත කර තිබිණි. මියයන විට ඇය 92 වැනි වියේ පසු වූවාය.

ලතා මංගෙෂ්කාර් දශක අටකට ආසන්න කාලයක් පුරා භාෂා 36කින් ගීත දහස් ගණනකට සිය හඬ ලබා දී ඇත.

බී‍්‍රච් කැන්ඩි රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කර තිබුණේ මංගේෂ්කාර් මහත්මිය ඊයේ පෙරවරු 8.12ට අභාවප‍්‍රාප්ත වූ බවයි. ‘ඇය මෙහි පැමිණියේ කොවිඞ් රෝගියකු ලෙසයි. ඇයට සංකූලතා තිබුණා. කොවිඞ් නියුමෝනියාව වැළ`දී තිබුණා. ඇගේ වයස තමයි බාධාව වූයේ. නමුත් අපි මේ ගීත පුරාවෘත්තය සුරැකීමට උපරිමයෙන් ක‍්‍රියා කළා.’ යැයි අධ්‍යක්ෂවරයා පවසා තිබිණි.

ලතා මංගේෂ්කාර් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍යයක් පිරිනැමේ. මහජන ප‍්‍රදර්ශනය මුම්බායිහි ශිවාජි උද්‍යානයේ පැවැත්වෙන අතර ඒ සඳහා කටයුතු සම්පාදනය කරන ලෙස බලධාරීන්ට දන්වා ඇත. මංගේෂ්කාර් මහත්මිය වසර දෙකහමාරකට පෙර සිට පෙනහළු ආබාධයෙන් පීඩා වි`ද ඇති අතර නිරන්තරව ප‍්‍රතිකාර ලබා ඇත. නිවසේදීත් ඇයට නිතරම ඔක්සිජන් ලබා දී තිබේ.

1929 සැප්තැම්බර් 28 වැනිදා මධ්‍ය ප‍්‍රදේශ්හි උපත ලද ලතා මංගේෂ්කාර්ගේ ජානවලම සංගීතය තිබිණි. ඇගේ පියා මරාති සංගීතඥයකු සහ නාට්‍ය නළුවකු වූ පණ්ඩිත් දීනානාත් මංගේෂ්කාර් විය. ලතා මංගේෂ්කාර් මහත්මියගේ පවුලේ සැවොම ගායක ගායිකාවන් වීම ද විශේෂත්වයකි. ලතා මංගේෂ්කාර් සංගීතය හදාරා ගායනයට යොමු වූයේ අවුරුදු 5 දීය. ඒ ඇගේ පියාගේ මඟපෙන්වීම යටතේය. ලතා මංගේෂ්කාර් මහත්මිය රසික හදවත් වසඟ කළේ 1949 වසරේ ‘මහාල්’ චිත‍්‍රපටය වෙනුවෙන් ‘ආයේගා අනේවාලා’ ගීතය ගායනා කිරීමෙනි. 1955 වසරේ තිරගත වුණු ටී. සෝමසේකරන් (තම්බිරාජා* මහතා අධ්‍යක්ෂණය කළ ‘සැඩ සුළං’ චිත‍්‍රපටය වෙනුවෙන් ඇය ආනන්ද සමරකෝන් ශූරීන් රචිත ‘ශ‍්‍රී ලංකා මා ප‍්‍රියාදර ජය භූමි’ ගීතය ගායනා කළාය. මෙය ලතා මංගේෂ්කාර් මහත්මිය ගායනා කළ එකම සිංහල ගීතයයි. මිනිත්තු අටක් පමණ දිගින් යුත් එම ගීතය ගායනා කිරීමට ඇය විශේෂ ගුවන් යානයකින් ගෙන්වා ගත් බවත්, මිනිත්තු කීපයක් ඇතුළත ඇය අපූරුවට ගීතය ගායනා කර ආපසු ගිය බවත් කියැවේ. ලතා මංගේෂ්කාර් මහත්මිය ‘භාරත් රත්න’, ‘පද්ම විභූෂණ’, ‘පද්ම භූෂණ’ ආදී ගෞරව සම්මාන රැුසකින් පිදුම් ලැබූ ගායිකාවක ද වෙයි. ලතා මංගේෂ්කාර්ගේ සෙසු සහෝදර සහෝදරියන් වන්නේ ආශා බෝස්ලේ, ඌෂා මංගේෂ්කාර්, මීනා ඛාඩිකාර් සහ හදවත්නාත් මංගේෂ්කාර්ය.

ලතා මංගේෂ්කාර් මහත්මියගේ අභාවය සැලවුණු සැණින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, කොංග‍්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි ඇතුළු ඉන්දීය දේශපාලනඥයන් මෙන්ම ඉන්දීය නළු නිළියන් ද සමාජ මාධ්‍ය ඔස්සේ සොව පළ කර තිබිණි. ජනාධිපති රාම් නාත් කෝවින්ද් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ස`දහන් විය.

‘ලතා මැතිනියගේ වියෝව ලොව පුරා සිටින මිලියන ගණනකගේ මෙන්ම මට ද හද කම්පා කරවන්නකි. ඇයගේ අති විශාල ගීත පරාසය තුළ, ඉන්දියාවේ සාරය සහ අලංකාරය නිරූපණය කරමින්, පරම්පරාවන් ඔවුන්ගේ අභ්‍යන්තර හැඟීම්වල ප‍්‍රකාශනය සොයා ගත්හ. භාරත රත්න, ලතා මැතිනියගේ ජයග‍්‍රහණ අසමසම ලෙස පවතිනු ඇත’.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment