ශ්‍රී ලංකා යොවුන් පිල එංගලන්තයට

171

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් ක්‍රියාත්මක එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඊයේ (14 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය. ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් යුත් සංචිතයක් ඊට ඇතුළත් විය.

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම එංගලන්ත යොවුන් කණ්ඩායම සමගින් තෙදින පුහුණු තරගයකටත් සිව්දින ටෙස්ට් තරග 2කට සහ එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඒ අනුව තරග සංචාරය අරඹමින් හෙට (16 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම තෙදින පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට නිමිතව ය.

සිව්දින ටෙසට් තරගාවලියේ පළමු තරගය ලබන 21 වැනිදා ආරම්භ කෙරෙන අතර එක්දින තරගාවලිය ලබන මස 05 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුමාරක් කටයුතු කරනු ලැබේ.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය – අභිෂේක් ලියනආරච්චි, පවන් පතිරාජ, රනුද සෝමරත්න, සදීෂ රාජපක්ෂ, ෂෙවෝන් ඩැනියෙල්, අංජල බණ්ඩාර, ළහිරු දෙවටගේ, රවීන්ද සිල්වා, වනුජ ෂෙහාන්, විනුජ රනපුල්, මල්ෂ තරුපති, දුවිඳු රණතුංග, සහන් මිහිර, දුලාජ් සමුදිත, ටේ‍රවීන් මැතිව්, හසිත අමරසිංහ, කැනිස්ටන් ගුණරත්නම්, හසිත වන්නිනායක.

advertistmentadvertistment
advertistmentadvertistment