ශ්‍රී ලංකා යෞවනයන් සහ එංගලන්තය දෙවැනි සටන අද

1

සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත යොවුන් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (01 වැනිදා) ආරම්භවීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට හැකි වුවහොත් තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායමට ජය හිමිවන අතර එංගලන්ත කණ්ඩායමට තරගාවලියේ රැඳී සිටීමට නම් මේ තරගයේ ජය අනිවාර්ය වේ.

තරගාවලිය යටතේ (28 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 65 ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

චෙල්ම්ස්ෆෝර්ඩ්හිදී පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 294ක් ලබාගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම සඳහා එංගලන්තයට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 43යි පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 229ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 65ක ජයක් හිමිවිය.

පන්දුවට පහරදීමේදී මහිත් පෙරේරා නොදැවී ලකුණු 58ක්, ශාරුජන් ෂන්මුගනාදන් ලකුණු 57ක්, දිනිරු අබේවික්‍රමසිංහ ලකුණු 52ක් සහ නායක දිනුර කළුපහන ලකුණු 49ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළේය.

පන්දු යැවීමේදී නෝවා කෝන්වෙල් ලකුණු 54කට කඩුලු 3ක්, පර්හාන් අහමඩ් ලකුණු 38කට කඩුලු 1ක්, නෝවා තයින් ලකුණු 38කට කඩුලුරෑ 1ක්, ලූක් බෙන්කන්ස්ටයින් ලකුණු 26කට 1 කඩුල්ලක් බිඳහෙලීය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නෝවා තයින් ලකුණු 58, ලූක් බෙන්කන්ස්ටයින් ලකුණු 51ක්, හැරී මෝර් ලකුණු 26ක් ලැබීය.

විහාස් තෙව්මික ලකුණු 37කට කඩුලු 3ක්, හිවින් කෙනුල ලකුණු 28 කඩුලු 2ක්, තිසර ඒකනායක ලකුණු 48කට කඩුලු 2ක්, ප්‍රවීන් මනීෂ ලකුණු 50කට කඩුලු 2ක් සහ දිනුර කළුපහන ලකුණු 24කට 1 කඩුල්ලක් බිඳහෙලීය.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment