ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පොදුජන ප‍්‍රගතිශීලී සේවක සංගමයෙන් අක්ෂි රෝහලට ද්‍රව්‍යමය පරිත්‍යාගක්

73

බොහෝ කලක සිට ජාතික අක්ෂි රෝහලේ පැවති අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා පොදුජන ප‍්‍රගතිශීලී සේවක සංගමය ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථා ශාඛාවේ සාමාජිකයන්ගේ සාමාජික මුදලින් රු. 200,000 කට වැඩි මුදලක් වියදම් කරමින් ද්‍රව්‍යමය ආධාර පසුගියදා රක්ෂණ සංස්ථා පරිශ‍්‍රයේ පිහිටි වෘත්තීය සමිති කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂතුමා වෙත ප‍්‍රධානය කිරීමට කටයුතු කරන ලදී.

මේ සඳහා රක්ෂණ සංස්ථාවේ ගරු සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ද මව් සංගමයේ නිලධාරී මහතුන් කිහිප දෙනෙකුද සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment