ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ඉන්දීය ලෙජන්ඩ්ස් අද අවසන් මහා තරගයට

641

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ ජය හිමිකර ගනිමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය. ඒ අනුව ඉන්දීය ලෙජන්ඩ් කණ්ඩායම සමග අවසන් මහා තරගයට මුහුණදේ. ඊයේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සමග තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළේය.ඒ අනුව කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා හිමිවී තිබූ ඉලක්කය ලකුණු 173කි. ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම ට රැස්කළ හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 158ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment