ශ‍්‍රී ලංකා හමුදාවේ 28 කට බැෂලේ සම්බාධක පනවන්න කියයි

233

යුද අපරාධ චෝදනා එල්ල වූ ශ‍්‍රී ලාංකික හමුදා නිලධාරීන් 28 ක් ඉලක්ක කර වහාම සම්බාධක පනවන්නැයි ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සිය වාර්තාවෙන් රටවල් 47 ක් අමතමින් ඉල්ලා සිටියාය.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ 49 වැනි සැසිවාරය පෙබරවාරි 28 වැනිදා (අද* ආරම්භ වේ.

මෙහිදී ඇය තවදුරටත් ශ‍්‍රී ලංකාවට චෝදනා කරමින් ශ‍්‍රී ලංකාවේ රජය සිංහලකරණයට සහ බෞද්ධාගම්කරණයට ලක්වී ඇති බවද, ඊට අමතරව හමුදා නිලධාරීන් රජයේ ඉහළ ධුරවලට පත්කර රට මිලිටරිකරණයට ලක්කර ඇති බවට ද චෝදනා නැඟුවාය.

මානව හිමිකම් කොමසාරිස්වරියට පැවරී ඇති මැන්ඬේට් බලය හෙවත් බලාධිකාරය ප‍්‍රයෝජනයට ගනිමින් ඇය තවදුරටත් පැවසුවේ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට ජගත් අධිකරණ බලය යටතේ ක‍්‍රියාකළ යුතු බවයි.

මේ අනුව ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් බටහිර රටවලට ගියොත් ඔවුන් අත්අඩංගුවට ගනු ඇති අතර බි‍්‍රතාන්‍ය රජය දැනටමත් යුද අපරාධ පිළිබඳ සෙවීමේ කාර්යාලයක් ද ආරම්භ කර තිබේ.

කර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment