ශ්‍රී ලාංකිකයන් බර ගාණක් ‘ඔස්‌ට්‍රේලියානු ප්‍රියමාලිට’ අහුවෙලා

819

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඔස්‌ට්‍රේලියාවේ පිහිටා ඇති ඔන්මැස්ටඩ් නමැති ව්‍යාජ මුදල් ආයෝජන ආයතනයක මුදල් ආයෝජන කිරීමේ සිද්ධියක් හෙළිවී ඇත.

මෙය මෙහෙයවන්නේ ඔස්‌ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු බව හෙළිවී තිබේ. රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයන්, පොලිස් නිලධාරීන් ද මෙම ව්‍යාජ ආයතනයේ මුදල් යොදවා ඇත.

ඔස්‌ට්‍රේලියාවේ ලෝගස් පාරේ පිහිටා ඇති මෙම ආයතනය ගැන විමර්ශනය කළවිට එම ස්ථානයේ ඇත්තේ අවන්හලක් බව හෙළිවී තිබේ.

මෙම ව්‍යාජ මුදල් ආයෝජන සමාගමේ හිමිකරු අතුරුදන්වී ඇතැයි ද අනාවරණය වී ඇත. පිරමිඩ් මුදල් ජාවාරම මෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම ඔන්මැස්ටඩ් ආයතනය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ආයතනයක් ද නොවේ.

මේ ගැන ඔස්‌ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment