ශ්‍රී ලාංකිකයෙකුගෙන් ඔස්ටේ්‍රලියාවේ දී වාර්තාවක්

892

ශ්‍රී ලාංකිකයකු වන 20 හැවිරිදි ඈෂ්ලි චන්ද්‍රසිංහ මේ දිනවල පැවැත්වෙන ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය යටතේ වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් සිය කුළුඳුල් තරගයේදීම ශතකයක් රැස් කර ගැනීමට සමත් වී තිබේ.

සිය ශතකය සඳහා පන්දු 311කට මුහුණ දුන් ඈෂ්ලි 2012 වසරෙන් පසුව එම ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී වැඩිම පන්දු සංඛ්‍යාවකින් වාර්තා කළ ශතකය බවටද එම ශතකය වාර්තා පොත් අතරට ගෙන ගියේ ය.

තරගය අවසානයේ ඈෂ්ලි ගේ ඉනිම නොදැවී ලකුණු 119 ක් ලෙස සටහන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment