ශ්‍රී ලාංකික කාන්තාවගේ මරණය ගැන ජපානයේ නිලධාරීන් 13කට එරෙහිව යළි පරීක්‍ෂණ

391

ජපන් ආගමන විගමන බලධාරීන් භාරයේ සිටිය දී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක්වූ විශ්වා සඳමාලිගේ මරණය ගැන නගෝසා ආගමන ප්‍රධානියා ඇතුළු නිලධාරීන් 13 කට එරෙහි යළි පරීක්‍ෂණ ආරම්භ කිරීමට රජයේ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය ඊයේ (28දා) තීරණය කර ඇත.

නගෝසා නීති නිලධාරීහු එම නිලධාරීන්ට එරෙහි නඩු ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණය රජයේ නඩු අධ්‍යක්‍ෂවරු ප්‍රතික්‍ෂේප කර තිබේ. 2021 මාර්තු මස විශ්වා නගෝසා ආගමන කාර්යාලයේ රඳවා සිටිය දී හදිසියේම මියගියහ.

ඇයට නිසි ප්‍රතිකාර ලබාදීමට ක්‍රියාකර නැතැයි විමර්ශනවල දී හෙළ විය. කෙන්චිරෝ පූජි නැමැති නගෝසා ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදියා පැවසුවේ ආගමන විගමන නිලධාරීන් මුදාහැරීම වැරැද්දක් බවයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment