ශ්‍රී ලාංකික කාන්තාවන් 5දෙනකුගෙන් දෙදෙනකු ජීවිත කාලයේදී ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙනවා

97

ශ්‍රී ලාංකික සෑම කාන්තාවන් 5දෙනකු ගෙන් දෙදෙනකු ජීවිත කාලය තුළ ශාරීරික ලිංගික හා ආර්ථික ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

කාන්තාව සාමය හා ආරක්‍ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාර සැලැස්ම කඩිනමින් එළිදක්වන බවද ඇය පැවසුවා ය.

ඇමැතිවරිය මෙම අදහස් පළකළේ ගාලු මුවදොර හෝටලයේ පැවැති කාන්තාව සාමය හා ආරක්‍ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරි සැලැස්මේ උත්සවයකට එක් වෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය හා ජපන් රජයේ මූල්‍ය අනුග්‍රහය මේ සඳහා ලැබීම ඉමහත් පිටිවහලක් බවත් ශ්‍රී ලංකාවේ පළාත් 9 සඳහා උපදේශන පැවැත්වීමට ප්‍රමුඛතාවයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත්ය.

සාමය සහ ආරක්‍ෂාව පවත්වාගෙන යෑම සඳහා කාන්තාවන්ගේ සමාන සහභාගිත්වයෙන් වැදගත් බවද ඇය වැඩිදුරටත් කීය. මේ අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා, ජපාන තානාපති මිෂුකොෂි හිඩෙකි මහත්මිය ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මිය, රම්‍යා සල්ගාදු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment