ශ්‍රී ලාංකික තරුණියක් ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවට

728

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත.

ඇය එරට ෆෙඩරල් පාර්ලිමේන්තුවට පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව වේ.

කම්කරු පක්‍ෂය නියෝජනය කරමින් ඇය ඡන්ද 10455 ක් ලබාගනිමින් හෝල්ට් ආසනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට පත්ව ඇත. ඇය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 57.7 කි.

සිය දෙමවුපියන් සමඟ වර්ෂ 1999 දී ඔස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචියට ගොස් ඇති කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ආහාර සැකසුම් ක්‍ෂේත්‍රයේ නිරත 34 හැවිරිදි තරුණියකි.

මෙවර ඔස්ටේ්‍රලියානු මහ මැතිවරණයෙන් ජයගත්තේද කම්කරු පක්‍ෂයයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment