ශ්‍රීලනිපයේ පිරිසක්‌ අලුත් දීගෙක යන සූදානමක්‌

702

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු පක්ෂයේ ප‍්‍රබලයින් පිරිසක් ළඟදීම අලූතින් පිහිටුවා ඇති නව ලංකා නිදහස් පක්ෂයට සහය ලබාදීමට තීරණය කර ඇතැයි නව ලංකා නිදහස් පක්ෂයේ කැඳවුම්කරු උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා ‘දිවයිනට’ පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයින් රැසක් සමඟ පසුගිය සති කිහිපයේදී විවිධ ස්ථානවලදී සාකච්ඡා ගණනාවක් පැවැත්වූ බවත් එම සාකච්ඡා සියයට සියයක් සාර්ථක බවත් කොටසක් පක්ෂය තුළ සිටිමින්ද තවත් පිරිසක් පක්ෂයෙන් ඉවත්වී තමන් සමඟ එක්වී බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති වෙනුවෙන් සටන් කිරීමට කැමැත්ත පළ කළ බවත් හෙතෙම පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් නොවීමෙන් පක්ෂය තුළ මේ වනවිට අභ්‍යන්තර ප‍්‍රශ්න ආරම්භවී ඇතැයි ද ඒ අනුව පක්ෂය තුනට කැඞීම කිසිසේත්ම නතර කළ නොහැකියැයි ද ජයරත්න මහතා පැවසීය.

හිටපු ප‍්‍රබල කැබිනට් ඇමැතිවරයකුගේ නායකත්යෙන් දැනට පිහිුවා ඇති නව ලංකා නිදහස් පක්ෂය 2022 වසරේ ජනවාරි මාසයේ සිට අලූත් දේශපාලන පක්ෂයක් ලෙස ජනතාව අතරට එන බවත් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් හා රට රැක ගැනීම තම පක්ෂයේ අරමුණ බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

 ප‍්‍රියදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment