ශ්‍රී ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම හිමිකර දුන් ඩන්කන් වයිට්

7986

පළමුවරට ඔලිම්පික් පදක්කමක් දිනා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ ජය කෙහෙළි නැංවූ මෙරට ශ්‍රේෂ්ඨතම මලල ක‍්‍රීඩකයා වන මේජර් ඩන්කන් වයිට් එම පදක්කමට උරුමකම් කීවේ 1948 ජූලි 31 වැනිදාය. එනම් අදින් වසර 73 කට පෙරය. ඔහු අභාවප‍්‍රාප්ත වී මේ මස 03 වැනිදාට වසර 22 ක් ගතවිය.
 
බදුරලිය ලත්පඳුර ගමේ 1918 මාර්තු මස 01 වැනිදා උපත ලැබු ඔහු මහනුවර ත‍්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය හැදැරු අතර 1936 දී මලල ක‍්‍රීඩා අංශයේ නායකයා විය. පසුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහු කායික ක‍්‍රීඩා උපදේශක ලෙස පත්ව රාජ්‍ය සේවා ක‍්‍රීඩා උත්සවය නියෝජනය කළේය.
 
1944 වසරේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් මීටර් 200 ධාවන තරගයට සහභාගිවූ ඔහු විනාඩි 22.2 කින් තරගය ජය ගත්තේය. 1938 දී සිඞ්නි නුවර පැවති බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය ක‍්‍රීඩා උළෙලට ඔහු සහභාගි වූයේ කණ්ඩායමේ එකම පාසල් සිසුවා ලෙසිනි.
 
විවිධ ක‍්‍රීඩා තරගවලින් ජයගත් ඔහු ඉන්දු ලංකා ප‍්‍රථම ක‍්‍රීඩා හමුවේදී රන් පදක්කම් දිනා ගත් අතර ජාතික ක‍්‍රීඩා තලයේ වාර්තා බිඳ හෙළුෑ ඔහු ප‍්‍රථම ඔලිම්පික් ක‍්‍රීඩා කණ්ඩායමේ සාමාජියෙකුද විය. 1948 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ඔහුට රිදී පදක්කම හිමිවූ අතර ඔහුගේ ඔලිම්පික් ක‍්‍රීඩා දස්කම් නිසාම ඔහුට ලන්ඩන් නුවර ලොග්බරෝ කායික ක‍්‍රීඩා පුහුණු විදුහලේ ශිෂ්‍යත්වයක් හිමි විය. 1950 දී නවසීලන්තයේ මීටර් 440 බාධක දිවීමේ තරගයෙන් රන් පදක්ම හිමිවූ ඔහු දිවයිනේ විවිධ මධ්‍යම පාසල් වෙත ගොස් දක්‍ෂ ක‍්‍රීඩකයන් බිහිකිරීමේ නියැලූනි.
 
1964 දී මලල ක‍්‍රීඩා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයක් ලැබ නයිජිරියාවේ ඉබඩු විශ්වවිiාල බලා පිටත් විය. 1949 දී එම්. බී. ඊ. ගෞරව නාමයෙන් පුදනු ලැබු සිටි ඔහු අති සුවිශේෂ මලල ක‍්‍රීඩකයාට හිමිවන ලෝක කුසලාන දිනා ගත්තේය. ඇංලා සීබල් සමග විවාහය වූ ඔහුට දරුවන් හයදෙනෙක් විය. නවසීලන්තයේ ඔක්ලන්ඞ්හි පැවති මීටර් 400ං4 බාධක තරගයේ අවසාන වටයේදී ක‍්‍රීඩාගාරයේ සිටි සියළුම දෙනා නැගිට සිට ඩන්කන් වෙනුවෙන් ප‍්‍රීතිඝෝෂා නැගුහ.
 
ගෝල්පේස් හෝටලයේ සභාපති සිරිල් ගාඩිනර් මහතා ඔහුට ගෞරව කිරීමක් වශයෙන් සම්භාවනීය අමුතෙක් ලෙස හැඳිවෙන සමරු ඵලකයක් හෝටලයට ඇතුළුවන ප‍්‍රධාන දොරටුව ඉහලින් සවිකරනු ලැබිණි.
 
ඩන්කන් වයිට් පදනම පිහිටුවීම නිමිත්තෙන් මේජර් ජෙනරාල් නේඩිස්ලෙ කාබ්බෑකඩුව මහතා විසින් කොළඹ සිට වවුනියාව දක්වා සාම කඩින් කඩ ධාවනය තරයක් 1991 දී සංවිධානය කරනු ලැබීය. ධාවකයන් කුරුණෑගලට ළගාවු විට ඩන්කන්ගේ රුව මුද්‍රණය කරන ලද ටී සර්ට් සියළුම ධාවකයන්ට පරිත්‍යාග කරනු ලැබිණි. එක්තරා ධාවකයෙක් එම ටී ෂර්ට් පලදින ගමන්ම තවත් ධාවකයෙකුගෙන් අසා ඇත්තේ කවුද යකෝ, ඩන්කන් කියන්නේ කියාය.
 
1996 දී නැසීගිය ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා විසින් ඩන්කන්ට දිවිත්ව පුරවැසිකම ලබාදුනි.
 
ලන්ඩන් නුවරදී පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ඩන්කන් විසින් දිනාගත් රිදී පදක්කම දිනාගැනීමේ 50 වැනි සංවස්තරය නිමිත්තෙන් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් දේශමාන්‍ය ගෞරව නාමය ඔහුට පිරිනමනු ලැබීය.
 
2021.07.03 දී අයිලන්ඞ් පත‍්‍රයේ කේ. එල්. එෆ් විජේදාස මහතා විසින් පලකරන ලද ලිපියේ සංක්ෂිත සිංහල අනුවාදයයි.
 
පරිවර්ථක එස්. කේ. ජේ. කුරේරා

advertistmentadvertistment
advertistmentadvertistment