ශ්‍රී ලංකාවේ අයිසිස් මර්දනයට රුසියානු එෆ් එස් බී බුද්ධි සේවාව

902

යුරෝපා අධිකරණය කොටි තහනම දීර්ඝ කරයි: නඩු ගාස්තු ගෙවීමට සිදුවෙයි…

ස්වයං පාලනය ඉල්ලීමත් ඉවතට

නිකෝලායි පත්රුෂෙව් රුසියාවේ එෆ් එස් බී බුද්ධි සේවාවේ ප‍්‍රධානියා ලෙස කලක් සේවය කළේය. දැන් ඔහු රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම්වරයායි. සෝවියට් දේශය පැවැති සමයේ එරට බලගතු බුද්ධි සේවාව හඳුන්වනු ලැබුවේ කේ. ජී. බී. යනුවෙනි. පත්රුෂෙව් ද කේ ජී බී සේවාවේ සේවය කළේය. රුසියානු ජනපතිද හිටපු කේ. ජී. බී. නිලධාරියෙකි.

ජනපති ව්ලැඩිමීර් පුටින් පසුගිය සඳුදා නිකොලායි උත්රුෂේව් ප‍්‍රමුඛ කණ්ඩායමක් මෙරටට එවනු ලැබීය.

මෙයට පෙර රුසියානු හිටපු බුද්ධි ප‍්‍රධානියකු මෙරටට පැමිණ නැත.

අතිශයින්ම බලවත් කේ ජී බී ඔත්තු සේවාවේ දිගුකලක් සේවය කළ පත්රුෂෙව් සමඟ රුසියානු ආරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරුන්වූ ඇලෙක්සැන්ඩර් වෙහෝඩිකෝව් සහ ඕලෙග් ක්රුවොඞ්ද ශ‍්‍රී ලංකාවේ සංචාරයට එක්විය. මෙයට පෙර මෙරටට පැමිණියේ ඇමරිකානු සී අයි ඒ සංවිධානයේ නිලධාරීන්ය. එන් සී අයි ඒ නිලධාරියකු ජාතික ආරක්‍ෂක මණ්ඩලයේ සාකච්ඡාවලටද සහභාගි විය. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සමඟ පැවැති සාකච්ඡාවේදී අයිසිස් ත‍්‍රස්තවාදය ගැන බුද්ධි තොරතුරු ලබාදීම අන්තවාදී කටයුතුවලට මුදල් යෙදවීමේ කරුණු ගැන ශ‍්‍රී ලංකාවට කල්තියා දැනුම්දීමටද උත්රුෂෙව් ඇතුළු බුද්ධි ප‍්‍රධානීන් දෙදෙනා එකඟත්වය පළ කරනු ලැබීය.

සෝවියට් දේශයේ ඇද වැටීම නිසා කේ ජී බී ඔත්තු සේවාව ඇද වැටුණ බව ලෝක ප‍්‍රජාව සිතුවත් ජනපති ව්ලැඩිමීර් යටතේ එෆ් එස් බී බුද්ධි සේවාව වර්ධනය විය.

එහි ප‍්‍රතිඵලය වූයේ හිටපු කේ ජී බී චරපුරුෂයන් රහස් තොරතුරු විදේශ රටවලට හෙළි කරන විට එෆ් එස් බී බුද්ධි සේවාව කි‍්‍රයාත්මක වීමය.

මෙම රුසියානු බුද්ධි නායකයන් මෙරටට පැමිණීම අතිශයින්ම වැදගත්වූයේ අයිසිස් ත‍්‍රස්තවාදයට එරෙහිව කි‍්‍රයාත්මක විය හැකි අධි තාක්‍ෂණික ජාලයක් කි‍්‍රයාත්මක වන නිසාය. ඕනෑම පිපිරීමක් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීමට අදාළ චන්ද්‍රිකා ඡායාරූප ලබාගැනීමේ හැකියාවද එෆ් එස් බී බුද්ධි සේවාවට ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවේ බුද්ධි සේවා මේවනතුරු රුසියානු එෆ් එස් බී බුද්ධි සේවාවේ සහය පැතුවේ නැත. කොළඹ කොච්චිකඬේ අන්තෝනි දෙව්මැඳුර, කටුවාපිටිය දෙව්මැඳුර සහ මඩකලපුව සියොන් දෙව්මැඳුර යන දේවස්ථානවල සිදුවූ පිපිරීම් සම්බන්ධව අභ්‍යවකාශ ඡායාරූප ලබාගැනීමට පවා අපේ බුද්ධි බලධාරීන් ක‍්‍රියාකර නැත.

මෙම එෆ් එස් බී බුද්ධි සේවාව ඉරාකය, සිරියාව සහ තුර්කිය යන රටවලද කි‍්‍රයාත්මක වේ. පසුගියදා මෙරට සිදුවූ පාස්කු ප‍්‍රහාරය ගැන රුසියානු ආරක්‍ෂක මණ්ඩලයේ ප‍්‍රධානි යුවානි යූරි තුනෝව් පැවසුවේ ශ‍්‍රී ලංකාවේ අයිසිස් අනුගාමිකයන්ට පාස්කු ප‍්‍රහාරය සිදුකළ බවයි. එහෙත් එවකට පැවැති යහපාලන රජය රුසියානු එෆ් එස් බී සහය වෙනුවට ඇමරිකානු එස් බී අයි සහ ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසියේ නිලධාරීන්ට මෙරටට ඒමට ඉඩ දුන්නේය.

පසුගිය වසරේ එෆ් එස් බී බුද්ධි සේවාව අයිසිස් ත‍්‍රස්ත කණ්ඩායමක් මොස්කව් නුවරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන බව සොයාගෙන 6 කගෙන් යුත් ත‍්‍රස්ත කණ්ඩායම අල්ලාගනු ලැබීය. ශ‍්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ආරම්භ වී 2022 පෙබරවාරි 19 දාට හැටපස් වසරක් සපිරෙන අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ සහයට එෆ් එස් බී බුද්ධි සේවාව පැමිණීම ගැන ඇමරිකාවේ අවධානය යොමුවී ඇත. ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක පනවා ඇති අතර එය නොතකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ නිල සංචාරයක යෙදුනි. ඉන්පසු රුසියානු එෆ් එස් බී බුද්ධි ජාලය ශ‍්‍රී ලංකාවේ සහයට පැමිණීම යනු ඇමරිකාවට එල්ල වූ අතුල්පහරකි. මෙම එෆ් එස් බී සේවාවේ වැදගත්කම ශ‍්‍රී ලංකාවට ප‍්‍රයෝජනවත් වන්නේ 21000 කින් යුත් දේශසීමා ආරක්‍ෂක කණ්ඩායමද ඊට සම්බන්ධ වීමය. මේ අතර පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ මෙරටදී මෘදුකාංග ඉංජිනේරුවකුවූ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඊට පෙර ඉන්දීය බලධාරීහු මරච්චි මරික්කාර් නැමැති මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ මරික්කාර් සිංගප්පූරුවේ නතර වී සිටියදී සිංගප්පූරු පොලිසිය ඔහුව පිටුවහල් කිරීම නිසාය. මොහුද සිරියාවට ගිය අයකු බව ඉන්දීය බුද්ධි අංශ කළ විමර්ශනවලදී හෙළිවිය. මෙවන් පසුබිමක් මැද පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු යහපාලන රජයේ දේශපාලකයෙක් මෑතකදී ප‍්‍රකාශයක් කරමින් මෙරට අයිසිස් අනුගාමිකයන් සිරියාවට ගොස් නැති බව බුද්ධි අංශ සොයාගෙන තිබූ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අයිසිස් මර්දනයට රුසියානු එෆ් එස් බී බුද්ධි සේවාව

එහෙත් බුද්ධි අංශ හෙළි කළේ එම ප‍්‍රකාශය සාවද්‍ය බවයි. රුසියානු ආරක්‍ෂක මණ්ඩලයේ ප‍්‍රධානියකු වූ යුරි කොකෙව් ශ‍්‍රී ලංකාවේ අයිසිස් කි‍්‍රයාකාරීන් සිරියාවට ගොස් අයිසිස් සටන්කාමීන් සමඟ සටන්කර මෙරටට පැමිණ පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බව තහවුරු කර තිබියදී ඉහත කී දේශපාලකයා එවැන්නක් නැතැයි පැවසීම හාස්‍යජනක ප‍්‍රකාශයකි. මොහුගේ යටතේ බුද්ධි අංශ වාර්තාවක් ප‍්‍රකාශයට පත්කරමින් කළු කොටි ත‍්‍රස්තයන් දුර්වල වූයේ සටන් විරාම ගිවිසුම නිසා බව පවසා තිබුණි. මේ අතර රුසියානු එෆ් එස් බී බුද්ධි සේවාව ශ‍්‍රී ලංකාවට සහය දැක්වීමේ එකඟතාවයක් ඇතිකර ගැනීම ශ‍්‍රී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයටද එල්ලවූ බරපතළ පහරකි. මෙතෙක් මුස්ලිම් ඡන්ද නිසා ඉස්ලාමීය අන්තවාදී මෙහෙයුම් ගැන විමර්ශනය සිදුවූයේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ පාස්කු ප‍්‍රහාරයයි. මේ පාස්කු ප‍්‍රහාර නඩුව විභාග කිරීමට වසර 2ක් වත් ගතවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මේ අතර දෙසැම්බර් 9 සහ 10 යන දෙදින තුළ ඇමරිකාවේ පැවැත්වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුව සඳහා ඇමරිකානු ජනපති බයිඩන් පාලනය ශ‍්‍රී ලංකාවට ඇරයුම් කිරීමෙන් වැළකුනි.

ශ‍්‍රී ලංකාවට සහය දැක්වූ රුසියාව, චීනය සහ බංගලාදේශයටද ඇරයුම් කිරීමට බයිඩන් කි‍්‍රයා කළේ නැත. රටවල් 110ක් සහභාගිවන මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුවට ඉන්දියාවට ඇරයුම් කිරීමට බයිඩන් කි‍්‍රයා කළේය. ශ‍්‍රී ලංකාව ඇතුළු ශ‍්‍රී ලංකාවට සහය දැක්වූ ප‍්‍රධාන රටවල් රුසියාව, චීනය, බංගලාදේශය වැනි රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුවට ඇරයුම් නොකලේ ද්‍රවිඩ සංධානය සහ බි‍්‍රතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංසදය එක්ව දියත් කළ ශ‍්‍රී ලංකා විරෝධි මෙහෙයුමක් නිසාය. ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් ප‍්‍රමුඛ කොටි හිතවාදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයෝ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී බයිඩන් පාලනයේ ප‍්‍රධානතම නිලධාරීන් සහ නිලධාරියන් සිව්දෙනා සමඟ රහස් සාකච්ඡාවක් පැවැත්වූහ.

මේ ඇමරිකානු රාජ්‍ය නිලධාරීහු කවුරුන්ද?

ඒ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩොනල්ඞ් ලූ සහකාර ලේකම් කෙලි කෙයිවර්ලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ බියුරෝවේ සහ මානව හිමිකම් කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම් ලියා පැඩර්සන් – ලෝක අපරාධ යුක්තිය පිළිබඳ කාර්යාලයේ සහ ධවල මන්දිර ආරක්‍ෂක කවුන්සිලයේ අධ්‍යක්‍ෂ මයිකල් නොහැක්ය.

ජනපති ජෝ බයිඩන්ට දැඩි බලපෑම් එල්ල කළ හැකි මේ ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්ගේ බලපෑම් මත ශ‍්‍රී ලංකාවද ශ‍්‍රී ලංකාවේ මිතුරන්වූ රුසියාව චීනය සහ බංගලාදේශය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුවෙන් ඉවත් කෙරිණි. එය සිදුවූයේ ද්‍රවිඩ සන්ධානය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්ට ඉදිරිපත් කළ සාවද්‍ය තොරතුරු නිසාය.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නරක අතට හැරී ඇතැයි ඔවුහු ඇමරිකානු බලධාරීන්ට පවසමින් ශ‍්‍රී ලංකාවට අදාළ කටයුතු ගැන සෘජුව මැදිහත්වන ලෙස බයිඩන් පාලනයෙන් ඉල්ලා තිබේ. මේ අන්දමට ඉන්දියානු රජය සික් සංවිධානයට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ රහස් සාකච්ඡා පැවැත්වීමට කිසිදිනෙක ඉඩදෙන්නේ නැත. එහෙත් විදේශ රටවල් සමඟ රහස් සාකච්ඡාද පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ සන්ධානයට ඉඩදී තිබේ. එසේම ශ‍්‍රී ලංකාවේ කටයුතුවලට සම්බන්ධවීමට බි‍්‍රතාන්‍යයේ සිට ක‍්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදයට හිමිකමක් නැත. ඇමරිකානු රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය වර්ධනය කිරීමේ අරමුණින් මෙම ජගත් සමුළුවට ඇරයුම් කර ඇති රටවල් 110 කින් රැසක්ම මානව හිමිකම් උල්ලංඝනය කළ රාජ්‍යයන්ය. ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, කොලොම්බියාව, ඊශ‍්‍රායලය, පිලිපීනය, බි‍්‍රතාන්‍ය, චිලී ඇතුළු රටවල් ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. මේ පසුබිම මැද ඇමරිකානු ගැත්තන්වූ ද්‍රවිඩ සංධානය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය නොවැම්බර් 15 සිට 22 දක්වා සාකච්ඡා කළේ කුමක්ද?

මේ සංවිධාන ඇමරිකානු කොංග‍්‍රසයේ නිලධාරියකු ඇමරිකානු සෙනට් සභාවේ විදේශ සබඳතා නිලධාරීන්ද හමුවී තිබේ. එසේම එක්සත් ජාතීන්ගේ නෝර්වේ තානාපතිද හමුවීමට සුමන්තිරන් ඇතුළු කණ්ඩායම කටයුතු කර ඇත. මෙම සාකච්ඡාවලදී ඇමරිකාව රහසක්ද හෙළිකර ඇත. ඒ හිටපු ඇමරිකානු තානාපතිනි නිකියේල් අසූචි වළක් යයි හඳුන්වනු ලැබූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට 2022 දී ඇමරිකාව ඇතුළත් වීමයි. මේ පිළිබඳව ද්‍රවිඩ සන්ධානය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය දැඩි සතුට පළකර ඇත. ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලදී ද්‍රවිඩ සන්ධානය පළකර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක වන්නේ ඒකාධිපති සහ හමුදාකරණයේ පාලනයක් බවයි. මේ අතර බයිඩන් පාලනය ශ‍්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැති රටක් ලෙසිනි.

එහෙත් ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබේද? ඇමෙරිකානු හමුදා භටයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර අධිකරණය ඉදිරිපත්වූ අවස්ථාවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මගින් පොම්පියෝ ඊට එරෙහි විය. ඔහු ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවන්ට තර්ජනය කළේය.

නුඹලාගේ වත්කම් තහනම් කරනවා. ඇමරිකාවට ඒමට ඉඩ දෙන්නේ නැහැ යයි හෙතෙම පළ කළේය.

මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය?

ශ්‍රී ලංකාවේ අයිසිස් මර්දනයට රුසියානු එෆ් එස් බී බුද්ධි සේවාව

බයිඩන්ගේ පාලනය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුවට ෆේස්බුක් ආයතනයටත් ඇරයුම් කර ඇත. එහෙත් ෆේස්බුක් ආයතනය මඩ ප‍්‍රචාර දියත් කිරීමට ඉඩදී තිබේ.

මේ අතර 2016 වසරේ සිට ස්කොට්ලන්ත පොලිසිය ශ‍්‍රී ලංකා පොලිසියට පුහුණුවීම් ලබාදීමට කි‍්‍රයාකළ අතර එය මේ වසරේදී අත්හිටුවා ඇත. හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ස්කොට්ලන්ත රජයට සහ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් ශ‍්‍රී ලංකා පොලිසිය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කර ඇත. ඇමරිකාවේ සහ කැනඩාවේ රාජ්‍ය නිලධාරීන් සමඟ රහස් සාකච්ඡා පැවැත්වු එම්. කේ. සුමන්තිරන් බි‍්‍රතාන්‍යයට ගොස් එරට ඇමැතිවරයකුවූ තරික් අහ්මද් සමඟද සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

එම සාකච්ඡා පවත්වන අවස්ථාවේ කොටි හිතවාදී මන්ත‍්‍රීවරු දෙදෙනෙක් බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කරමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන ලෙස ඉල්ලීමක් කර ඇත. එහෙත් එවැනි පියවරක් ගැනීමට බි‍්‍රතාන්‍ය රජය ඉක්මන් වූයේ නැත. මේ අතර ප්ලොට් සංවිධානයේ නෝර්වේ නායකයාවූ රාජන් සිවරාජන් පසුගිය දිනක මෙරටට සම්ප‍්‍රාප්ත විය. ඔහු ආරක්‍ෂක විශේෂාංගයට තොරතුරු රැසක් හෙළි කළේය. ප්ලොට් සංවිධානයේ නායකයාවූ උමා මහේශ්වරන්ට කොටි ත‍්‍රස්තයන් මැරුවා යයි ප‍්‍රචාරය වුණා. නමුත් ඔහුව ඝාතනය කළේ ඔහුගේම ආරක්‍ෂකයන්. උමා ළඟට සමීප වීමට කිසිවකුට හැකිවූයේ නැත. උමා මැරුවේ කොටි කියා ප‍්‍රකාශයට පත්වුණ නමුත් අප කළ සොයා බැලීමේදී විදේශ බුද්ධි සේවාවක නියෝග මත උමාව ඝාතනය වුණා. මේ සිවරාජා හෙළි කළේය. එසේ මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටි සී ඞී සිවරාම් නැෙඟනහිර ප්ලොට් කි‍්‍රයාකාරීන් සිව්දෙනෙක්ම ඝාතනය කළා. ඔහුට අවශ්‍ය වූයේ ප්ලොට් නායකයා වීමටයි. තාරකී නමින් පෙනී සිටි සිවරාම් තමාගේ ගැලවීමට මාධ්‍යවේදී වෙස් ගත්තා. ද්‍රවිඩ සන්ධානය බිහි කළේ තාරකියි. ඔහු පසුව කොටින්ට එක්වුණා. අපේ ප‍්‍රධාන ප්ලොට් කි‍්‍රයාකාරියකු කොළඹදී ඝාතනය වුණා. ඒ අවස්ථාවේ අපත් එම ප‍්‍රදේශයේම සිටියා. ඝාතනයවූ ස්ථානයට පොලිසිය ඒමටත් පෙර අප දිවිගියා. ඔහුගේ ජංගම දුරකථනය අප සොයා ගත්තා. ඝාතනය වීමට මොහොතකට පෙර තාරකී ඔහුට එම ස්ථානයට එන ලෙස පණිවුඩයක් එවා තිබුණා. නමුත් මාධ්‍ය ක්‍ෂේත‍්‍රයත් රටේ ජනතාවත් තාරකීගේ භූමිකාව ගැන දැන සිටියේ නැත. තාරකී මාධ්‍යවේදියෙක් නොවේ. ගරිල්ලා කි‍්‍රයාකාරියෙක්. ඔහු ඇමරිකානු සහ බි‍්‍රතාන්‍ය තානාපතිවරුන්ට තොරතුරු සැපයුවා යයි සිවරාජන් වැඩිදුරටත් හෙළි කළේය.

තාරකී මරුමුවට පත්වීමේ සිද්ධියෙන් පසු කොළඹ ඇමරිකානු තානාපතිවරයා පොලිස් ප‍්‍රධානියකුට කතා කර ඊට වගකිවයුතු අයව අත්අඩංගුවට ගන්නැයි නියෝග කළා යයි හෙතෙම කියා සිටියේය. එසේම නෝර්වේ රාජ්‍යයේ පමණක් මෙරටින් පැනගිය දරුණු කොටි 200ක් සිටින බවද ඔහු අනාවරණය කළේය. නොවැම්බර් 21 සිට 27 තෙක් උතුරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මහවිරු සමරුව සාමාන්‍ය සිවිල් වැසියන් සැමරීමට නොව මියගියා කොටි ත‍්‍රස්තයන් සැමරීමට ඉඩ යයි තවදුරටත් පැවසූ සිවරාජන් එම මහාවිරුනාල් සමරු උත්සව ප්ලොට් සංවිධානය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර නෝර්වේ ප්ලොට් කි‍්‍රයාකාරීහු කටාර් රාජ්‍යයේ නියෝජිත කණ්ඩායමක් සමගද සාකච්ජා පවත්වා ඇත. එසේම කොටි ඩයස්පෝරාව චීනය සමගද සබඳකම් ඇති කර ගැනීමට තීරණය කර ඇතැයි සිවරාජන් හෙළි කළේය. ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන් කෙරේ විශ්වාස නොකරන මෙන් චීනයෙන් ඉල්ලා සිටීමට කොටි ඩයස්පෝරාව සැලසුම් කර ඇතැයි රාජන් සිවරාජන් තවදුරටත් අනාවරණය කළේය. තමිල් රයිට්ස් ගෲප් හෙවත් ද්‍රවිඩ අයිතීන් පිළිබඳ සංවිධානය නමින් හඳුන්වාගත් සංවිධානයක් පසුගියදා නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණය හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහි නඩුවක් ගොනු කළේය. මෙය අන්තර්ජාතික අධිකරණය හමුවේ ගොනු වූ 2 වැනි නඩුවයි. මෙම සංවිධානයේ ප‍්‍රකාශිකා කල්පනා නාගේන්ද්‍ර නැමැත්තිය මේ බව හෙළිකර ඇත. මෙකී නඩුව ගොනු කිරීමට විදේශ නීතිවේදීන් කීපදෙනෙක්ද එක්වී තිබේ.

ශ්‍රී ලංකාවේ අයිසිස් මර්දනයට රුසියානු එෆ් එස් බී බුද්ධි සේවාව

ශ‍්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැතත් මෙම නඩුව පවරා ඇත්තේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැනය. දසදහස් ගණනක් සිවිල් වැසියන් ඝාතනය කර ඇතැයි මෙම නඩුවෙන් චෝදනා එල්ල කර ඇතත් ඝාතනයට ලක්වූවන්ගේ අනන්‍යතාවය හෙළිකර නැත. මෙම නඩුව ගොනු කළ කොටි හිතවාදීන් ඉදිරිපත් කර ඇති තර්කය නම් මියන්මාරයට සහ බංගලාදේශයට එරෙහි නඩු ගොනු කර ඇත්නම් ශ‍්‍රී ලංකාවට නඩු පවරන්නේ නැත්තේ මන්ද යන්නයි. මේ අතර කොළඹ ස්විස් තානාපති ඩොමිනික් බරක් හෙලිකොප්ටරයකින් යාපනයට ගොස් උතුරේ කතෝලික රදගුරුවරු හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ උතුරු නැගෙනහිර රදගුරු සමුළුව සහ මියගිය කොටි ත‍්‍රස්තයන් සැමරීමේ උත්සව පැවැත්වෙන අවස්ථාවේදීය.

එහෙත් රජය ස්විස් තානාපතිගේ උතුරු සංචාරය නිරීක්‍ෂණයට ලක් කළේද?

මෙවන් තොරතුරු හෙළි වන අවස්ථාවේ යුරෝපා අධිකරණය තවදුරටත් දීර්ඝ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment