ශ්‍රී ලංකාවේ සංචාරය තහනම් කළ රටවල් සමඟ සාකච්ඡුා කරනවා – ඇමැති ප්‍රසන්න රණතුංග

600

කොවිඞ් තත්ත්වය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරය තහනම් කර ඇති රටවල් 21 ක් සමඟ එම තහනම ඉවත්කර ගැනීමට සාකච්ඡුා ආරම්භ කරන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලා ඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පූරුව, පිලිපීනය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, නෝර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප‍්‍රංශය, කටාර්, වියට්නාමය වැනි රටවල් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මෙම සාකච්ඡුා ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඞ් එන්නත්කරණය අවසන් කිරීමට රජය අපේක්‍ෂා කරන බවත් සමස්ත ජනගහනයෙන් සියයට හැටකට (60%) කොවිඞ් එන්නත් ලබාදීම රජයේ අපේක්‍ෂාව බවත් ඇමැතිවරයා පැවැසීය. එමෙන්ම අගෝස්තු 01 වැනිදා සිට සංචාරකයන් ගෙන්වා ගැනීමට සංචාරක හෝටල්, ගුවන් සමාගම් හා සංචාරක සංවිධාන සහන පැකේජ හඳුන්වාදීමට කටයුතු කර තිබෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment