ශ්‍රී ලංකා ඉන්දියා පළමු තරගය හෙට… කුසල් පෙරේරා ආබාධායට ලක්වෙයි

279

තරග තුනකින් සමන්විත ශී‍්‍ර ලංකා ඉන්දියා එක් දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය හෙට (18 වැනිදා* ප.ව. 3.00 ට කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

srilankacaptionශී‍්‍ර ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් ඉන්දීය කණ්ඩායම ශිකර් ධවාන් විසින් මෙහෙයවනු ලබන අතර වසර දෙකකට පමණ පසුව ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගය මෙය වේ.

2019 වසරේ ජුලි මස 31 වැනිදා පැවැති තරගයෙන් පසුව නවීකරණ කටයුතු සිදු කිරීම හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරග පේ‍්‍රමදාස පිටියේ පැවැත්වූයේ නැත.

එංගලන්ත හා බංග්ලාදේශ තරගවලදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරා ආබාධයක් හේතුවෙන් ඉන්දියාව සමග පැවැත්වෙන එක් දින තරගාවලියට සහ පන්දුවාර 20-20 තරගාවලියට සහභාගි නොවන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (16 දා* දැනුම් දී තිබිණි.

දකුණු උරහිසේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට අවම වශයෙන් සති 6 ක පමණ කාලයක විවේකයක් අවශ්‍ය වන බව වෛiවරුන් පෙන්වා දී ඇත.

වේග පන්දු යවන කී‍්‍රඩක බිනුර ප‍්‍රනාන්දු ද වම් පාදයේ වළලූකර ආශි‍්‍රතව ඇති වූ ආබාධයක් හේතුවෙන් එක් දින තරගාවලියට සහභාගි නොවන බව කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කරයි.

නායක දසුන් ශානක එක් දින තරග 28 කට පමණ කී‍්‍රඩා කර ඇති අතර ධනංජය ද සිල්වා එක් දින තරග 50 කට කී‍්‍රඩා කර ඇත. ඒ හැරෙන්නට ශී‍්‍ර ලංකා සංචිතය තුළට ඇතුළත් කරනු ඇතැයි සිතන වෙනත් කිසිදු කී‍්‍රඩකයකු එක් දින තරග 20 කට වඩා කී‍්‍රඩා කර නැත.

දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න සහ දිමුත් කරුණාරත්න මේ සංචිතයට එකතු කර නොමැති අතර තරගාවලියට ආරාධනා ලැබ සිටි ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රකාශ කර තිබුණේ නැවත දැනුම් දෙන තුරු ඔහුව තේරීම් සඳහා සලකා නොබලන ලෙසයි.

කුසල් පෙරේරාගේ ආබාධය හේතුවෙන් මිනෝද් භානුක සහ සධීර සමරවික‍්‍රම සංචිතයට එකතු වීමට නියමිතව සිටී. දෙරට අතර එක් දින තරග 165 ක් මේ වන විට පවත්වා ඇති අතර ඉන් තරග 91 ක් ඉන්දියාවද, තරග 56 ක් ශී‍්‍ර ලංකාව ද ජය ගෙන ඇත.

– කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment