ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ඕමානයට

945

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඕමානයේ පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකකට සහ ඉන් අනතුරුව පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය ස`දහා සහභාගි වීමට ඊයේ 04 වැනිදා දහවල් කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගියේය.

මෙම කණ්ඩායමට ක‍්‍රීඩකයන් 23 දෙනකු සහ පුහුණුකරුවන් හා නිලධාරීන් 13 දෙනකු වශයෙන් සමස්ත කණ්ඩායම 36 දෙනකුගෙන් සමන්විත වන බව කණ්ඩායමේ නායක දසුන් ශානක ගුවන් තොටුපළේදී සිදුකළ විමසීමකදී පැවසීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පෙරේදා (03 දා) රාත‍්‍රි 10.30 ට ඕමානයේ මස්කට් නුවර බලා කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව යෑමට නියමිතව තිබුණි.

ඒ ස`දහා ඔවුන්ගේ බඩුබාහිරාදිය, ලොරි දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියද, මෙම ක‍්‍රීඩකයන් රැුගෙන යෑමට නියමිත ගුවන් යානය, එරට පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා සිය ගුවන් ගමන අවලංගු කරමින් කටුනායක ගුවන්තොටුපළ වෙත නොපැමිණියේය.

එම නිසා ක‍්‍රීඩකයන්ගේ බඩුබාහිරාදිය ආපසු එදින රාත‍්‍රි 08.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළේ සිට ක‍්‍රීඩකයන් නැවතී සිටි හෝටලය වෙත ආපසු රැුගෙන යෑමට පියවර ගෙන තිබුණි.

ඉන් පසුව ඊයේ දින දහවල් 01.15ට මෙම ක‍්‍රීඩකයන් සහ නිලධාරීන් පිරිස රැුගෙන ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්. වයි. 2372 දරන ගුවන් යානය ඕමානයේ මස්කට් නුවර බලා කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගියේය.

ඕමානයේ මෙම තරගාවලියෙන් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය ස`දහා ඩුබායි නුවර වෙත පැමිණීමට නියමිතය.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment