ශ්‍රේෂ්ඨ ශ‍්‍රී ලංකාවක් බිහිකරන්න හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට පමණි – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

345

* එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සම්මේලනය

* ජනතාව වර්තමාන දේශපාලන  ක‍්‍රමය පිළිකුල් කරනවා

* රට රැවටූ ආණ්ඩුවත් විවේචනයට පමණක් සීමාවූ විපක්‍ෂයත් ජනතාව ප‍්‍රතික්ෂේප කරමින් සිටිනවා

* කෘෂිකර්මාන්තය අඩපණ වෙලා

* අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අවුල්

ශ්‍රේෂ්ඨ ශ‍්‍රී ලංකාවක් බිහිකරන්න හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට පමණි - එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

රටත්, ජනතාවත් අති භයානක අවස්ථාව මේ වන විට පසු කරමින් සිටිනවා. කොවිඞ් 19 වසංගතය සීග‍්‍රයෙන් රට තුළ පැතිරෙනවා. විශේෂඥයන්ගේ පුරෝකථනය අනුව විසි දහසක් – තිස් දහසක් දෙනා මරණයට පත්වීමට නියමිතයි.

සියලූ ජාතීන්ට සෙවණ වූ එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරය අද අප අභිමානයෙන් යුතුව සමරනවා. අප මේ රට ආරක්ෂා කළා. සෑම ක්ෂේත‍්‍රයකම නවමු සංවර්ධනයන් ඇති කළා. රට දියුණුවේ මාර්ගය වෙත ප‍්‍රවේශ කළා. ඒ ගමන් මගෙහි පියසටහන් අප මේ සමරු උත්සවය ආරම්භයේදීම නැරඹුවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හඳුන්වා දුන් පරිගණක තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන  උපයෝගිකර ගනිමින් ඉදිරියට එන සමාජ රටාව අද බිහිවෙලා. එය පදනම් කර ගෙන ජපානය මෙන්ම යුරෝපා රටවල දේශපාලන පක්ෂ ජනතාව අතරට යනවා. ඔවුන් යොදා ගන්නා මාර්ගගත තාක්ෂණය (online) භාවිතයට ගනිමින් අප ද පක්ෂය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරනවා. අද සිට අප ක‍්‍රියාත්මක කරන්නේ නව තාක්ෂණය ඔස්සේ ජනතාව අතරට යන තාක්ෂණික වැඩපිළිවෙළයි යැයි එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

එ් මහතා මෙම අදහස් පලකළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සූම් තාක්ෂණය ඔස්සේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සම්මේලනය වෙනුවෙනි.

එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ඉංග‍්‍රීසීන්ගේ යටත් විජිතය ලෙස වසර 134 ක් පැවැති මෙරටට මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වය යටතේ නිදහස ලබාගත්තා. ලැබුණු නිදහස සුරකිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර, ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවය බිහිකරමින්, රට දියුණුව කරා ගෙන යන්න එතුමා එක්සත් ජාතික පක්ෂය බිහි කළා.

සියලූ ජාතීන්ට සෙවණ වූ එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරය අද අප අභිමානයෙන් යුතුව සමරනවා. අප මේ රට ආරක්ෂා කළා. සෑම ක්ෂේත‍්‍රයකම නවමු සංවර්ධනය ඇති කළා. රට දියුණුවේ මාර්ගය වෙත ප‍්‍රවේශ කළා. ඒ ගමන් මගෙහි පියසටහන් අප මේ සමරු උත්සවය ආරම්භයේදීම නැරඹුවා.

නමුත් අද අප ජීවත් වන්නේ දියුණුව කරා ගමන් කරන මාර්ගයක නොවෙයි. අපට ජීවත් වීමට සිදුව තිබෙන්නේ අගාදයක සිරවී ඇති රටක් තුළයි.

රටත්, ජනතාවත් අති භයානක අවස්ථාව මේ වන විට පසු කරමින් සිටිනවා. කොවිඞ් 19 වසංගතය සීග‍්‍රයෙන් රට තුළ පැතිරෙනවා. විශේෂඥයන්ගේ පුරෝකථනය අනුව විසි දහසක් – තිස් දහසක් දෙනා මරණයට පත්වීමට නියමිතයි.

ආර්ථික අවපාතය තුළ තවත් පිරිසකගේ රැුකියා අවස්ථා අහිමි වෙමින් යනවා. ලොකු – කුඩා ව්‍යාපාර සියල්ලක්ම බංකොළොත් වෙලා. ධීවර කර්මාන්තය කේන්ද්‍රකර ගත් සමුද්‍රීය ආර්ථිකය විනාශ වෙලා.

කෘෂිකර්මාන්තය අඩපණ වෙලා. අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. ලංකාව ලෝකයෙන් කොන් වෙන තත්ත්වයට ඇවිල්ලා. රටේ අර්ථිකය මුළුමණින්ම අඩාල වෙලා. අප හමුවේ ඇති අභියෝගය වන්නේ ආර්ථික හා දේශපාලන ව්‍යසනයෙන් රට මුදා ගෙන ශ්‍රේෂ්ඨ ශ‍්‍රී ලංකාව බිහිකර ගන්නේ කෙසේද යන්න යි. එය ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් කුමන පක්ෂයකට අයිතිවුවත් විනාශ වී යන්නේ අපේම දුවා දරුවන්ගේ අනාගතය බව මතක තබා ගන්න.

අභියෝග සැමදා ජයගත් පක්ෂය ලෙස මෙවර ද රට ඉදිරියේ පවතින අභියෝගය ජයගැනීමට අපි සූදානම්. කෙටිකාලීන වැඩසටහනකින්, ආර්ථිකය න`ගාසිටුවා රට ගොඩගන්නත් දීර්ඝකාලීන වැඩසටහනක් යටතේ තව අවුරුදු 27 කින් නිදහසේ සියවස උදාවන මොහොතේ ශ්‍රේෂ්ඨ ශ‍්‍රී ලංකාව යළි බිහි කරන්න හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.

1948 දී අප ජපානය සමග සම තත්ත්වයේ සිටි, ආසියාවේ පෙරමුණේ පැවැති රටයි. නමුත් අද වන විට අප ඉදිරියෙන් සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පමණයි. එබැවින් පවතින තත්ත්වයට වඩා සෑම අතින්ම වෙනස්, ඉහළ ශ‍්‍රී ලංකාව ගොඩනැංවීමේ අභියෝගය රට ඉදිරියේ පවතිනවා. රට ඉදිරියට ගෙන යා හැකි සැළසුම් ගැන කතා කිරීමට ඇති හොඳම අවස්ථාව මෙයයි.

ඉතිහාසය පුරාම ආණ්ඩු මාරුවන විට ප‍්‍රතිපත්ති ද මාරුවීම තුළ අප රටක් ලෙස පරිහානියට පත් වුණා. ජපානය, චීනය හා සිංගප්පූරුව මෙන් අප ද දීර්ඝකාලීන නිවැරදි ප‍්‍රතිපත්ති මාලාවක කටයුතු කළා නම් අද අප දියුණු රටයි. ඒ නිසා නොවෙනස් යකඩ ප‍්‍රතිපත්ති රාමුවක් තුළ හිඳිමින් ඉදිරියේදී රට දියුණු කිරීමට අවශ්‍ය යෝජනා අප ඉදිරිපත් කරනවා. යකඩ මෙන් ශක්තිමත් වූ ඒ ප‍්‍රතිපත්ති රාමුව ආණ්ඩු මාරු වන විට වෙනස් නොවන ලෙස නීතිමය බැඳීමකින් සවිමත් කරන බවද කිව යුතුයි.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යනාදී සියලූ ජන කොටස් එක්සත් කරන ඒකීය ශ‍්‍රී ලංකාව බිහි කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව නිදහස හා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන රටක් ගොඩනැ`ගීම අප ඉදිරිපත් කරන ‘ශ්‍රේෂ්ඨ ශ‍්‍රී ලංකාවක්’ වැඩසටහනට ඇතුළත් වනවා.

ශ්‍රේෂ්ඨ ශ‍්‍රී ලංකාව බිහි කරමින් රටට සුබදායී අනාගතය උදා කරන්න අප යෝජනා කරන්නේ සතර වරම් ආරක්ෂාවයි. රැුකවරණයයි. පළමුව සෞඛ්‍ය ආරක්ෂාවත්, රැුකවරණයත්, දෙ වැනුව ආර්ථික ආරක්ෂාවත්,

රැුකවරණයත්, තෙවැනුව දැනුම ආරක්ෂාවත් රැුකවරණයත්, සිව් වැනිව පරිසර ආරක්ෂාවත්

රැුකවරණයත් වශයෙන් එය නිර්වචනය කළ හැකියි.

සෞඛ්‍ය ආරක්ෂාව යටතේ වසංගත රෝග බියෙන් මෙන්ම, ජනතාවට මුහුණ පෑමට වන සෙසු සෞඛ්‍යමය උවදුරු වලින් ද ඔවුන් ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය සම්පන්න රට බිහි කිරීම අපේ ප‍්‍රථම අරමුණයි. ආර්ථික ආරක්ෂාවෙන් ලෝකය සමඟ තරග කළ හැකි සමාජ සාධාරණය ඉටු කරන නව ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම අපේ දෙවැනි අරමුණයි.

දැනුම ආරක්ෂා කිරීම තුළ සැමටම සමානව දැනුම බෙදා හැරෙන නවමු අදහස් වලින් යුතු නවීන අධ්‍යාපන ක‍්‍රමය මතින් 21 වැනි ශත වර්ෂයට ගැළපෙන සමාජය ඇති කිරීම අපේ තෙවැනි අරමුණයි.

පරිසර ආරක්ෂාවේදී දේශගුණ විපර්යාසයන්ට සවිමත්ව මුහුණ දිය හැකි සහ දේශගුණ විපර්යාස පාලනය කරන පැරිස් ගිවිසුම පදනම් කර ගත් රට බිහි කිරීම අපේ සිව්වැනි අරමුණයි.

මේ සතර වරම් රැුකවරණයෙන් යුතු ශ්‍රේෂ්ඨ ශ‍්‍රී ලංකාව බිහි කිරීම අපේ අරමුණ යි. අලූත් ශ‍්‍රී ලංකාව ගොඩනැ`ගීමට අලූත් වැඩපිළිවෙල ඉදිරිපත් කරන අප, නව එක්සත් ජාතික පක්ෂයකුත් බිහි කරනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අප දැවැන්ත පසුබෑමකට ලක් වුණා. අප සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයමයි, එදා අනුගමනය කළේ. නමුත් දැන් අපට වෙනස්වීමට කාලය පැමිණ තිබෙනවා.

‘සැපතෙහි – විපතෙහි, නොසැලෙයි – නොතැවෙයි අට ලෝ දම හුරු හෙළයා.’ අප පරාජය ගැන විග‍්‍රහ කළා. එහිදී අපට අලූත් කරුණු ගණනාවක් වැටහුනා.

ජනතාව, වර්තමාන දේශපාලන ක‍්‍රමය පිළිකුල් කරනවා. එමෙන්ම රට රැුවටූ ආණ්ඩුවත්, විවේචනයට පමණක් සීමා වූ විපක්ෂයත් ප‍්‍රතික්ෂේප කරමින් සිටිනවා. රට ගැන සිතන ප‍්‍රතිපත්ති ගරුක දේශපාලනය ජනතාව බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ක‍්‍රමයත් එයමයි. අලූත්ම වැඩපිළිවෙල රැුගෙන තමයි, අප ඉදිරියට එන්නේ. යකඩ රාමුවක් මෙන් ශක්තිමත් වෙනස් නොවන ප‍්‍රතිපත්ති මාලාව ඒ වෙනුවෙන් අප ඉදිරිපත් කරනවා.

නවීන තාක්ෂණය ඔස්සේ යන ක‍්‍රමවේද පරිහරණය කරන්න එක්සත් ජාතික පක්ෂය කිසි ලෙසකින්වත් බය නැහැ. මෙතෙක් කල් පවත්වා ගෙන ආ භෞතික ක‍්‍රමවේදයෙන් ඔබ්බට යමින් මාර්ගගත ක‍්‍රමවේදයකට (ඪසරඑම්ක* තමයි, අපේ පක්ෂ සම්මේලනයත් අද පවත්වන්නේ. අප ඔබේ ජංගම දුරකථනයට අපේ පණිවුඩය දෙනවා. සූම් තාක්ෂණය භාවිතා කරමින් ජනතාව අමතන්න අපේක්ෂා කරනවා.

සූම් සම්මේලන 75 ක් පවත්වමින්, ආණ්ඩු මාරු වන විට වෙනස් නොවන අපේ යකඩ ප‍්‍රතිපත්ති රාමුවත්, සතරවරම් ආරක්ෂාව ගැනත් සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ වැඩපිළිවෙල කොටස් දෙකකින් සමන්විතයි.

එකක් දීර්ඝකාලීන වැඩපිළිවෙල තුළ ශ්‍රේෂ්ඨ ශ‍්‍රී ලංකාව බිහි කිරීමයි. අනෙක කෙටිකාලීන වැඩසටහන මගින් රටේ ආර්ථිකය ගොඩනංවමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය සහන දීමයි.

එක්සත් ජාතික පක්ෂය 75 වැනි සංවත්සරය පසු කරමින් ඉදිරියට යන්නේ නවමු පක්ෂය ලෙසයි. අපි තරුණ පරපුරට ආරාධනා කරන්නේ අපේ වැඩපිළිවෙල හා එක් වී පක්ෂයේ නායකත්වය ගන්න කියලායි. වෙනත් පක්ෂවලට ඡුන්දය දුන් පිරිසට අප කියන්නේ දැන් තිබෙන්නේ නව එක්සත් ජාතික පක්ෂය නිසා අප ඔබ සමග වැඩ කරන්න කැමතියි, ඒ වගේම අප ඔබ සමග එකතු වෙන්න සූදානම්.

එක්සත් ජාතික පාක්ෂිකයන්ට මා කියන්නේ සියලූ දෙනා එකතු වෙලා ජයග‍්‍රහණය කරා ගමන් කරමු යනුවෙනුයි.

අපි ජයගනිමු… අපි රට හදමු… කිසිදා වෙනස් නොවන යකඩ රාමුවක් ඔස්සේ සතර වරම් ආරක්ෂාවෙන්, රැුකවරණයෙන් අපි ඉදිරියට යමු. එවිට අපට සතර වරම් දෙවිවරුන්ගේ පිහිටත් නිතැතින්ම ලැබේවි.

එක්සත් ජාතික පක්ෂයට ජය වේවා! ජනතාවට ජය වේවා!

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment